මෙවර නුවරඑළිය වසන්ත උත්සවය වෙනුවෙන් නව ක්‍රීඩා ඉසව්වක් හඳුන්වාදීමට නුවරඑළිය ග්‍රෑන්ඞ් හෝටලය කටයුතු යොදා ඇත. ලෝකයේ ඉතාම ජනප්‍රිය පාපැදි ක්‍රීඩාවක් ප්‍රථම වතාවට දකුණු ආසියාවට හඳුන්වා දෙමින් එවර්රෙස්ටින් පාපැදි තරගය ලබන මස 6 සහ 7 දිනවල නුවරඑළිය රදැල්ලේ කඳුනැගීමේ මාර්ගයේ දී පැවැත්වේ.
ලෝකයේ උසම කඳුමුදුන ලෙස සැලකෙන මීටර් 8848 කින් යුතු එවරස්ට් කන්ද තරණය කිරීමේ උත්සාහයට නව අරුතක් දෙමින් පැය 24 ක කාලයකදී නුවරඑළිය රදැල්ල මාර්ගයේ මෙම තරගය පැවැත්වේ. සමර්සෙට් තේ මධ්‍යස්ථානය අසල සිට රදැල්ල කෙටි මාර්ගය අවසන් වන ස්ථානය දක්වා මීටර් 8848ක දුරක් මේ වෙනුවෙන් යොදා ගැනේ.
අප්‍රේල් මස 06 වන දින ප.ව. 3.00 ට ආරම්භ කෙරෙන මෙම තරඟය 7 වන දින ප.ව. 3.00 දක්වා පැය 24 ක කාලයතුල පැවැත්වීමට සංවිධායකයෝ අපේක්‍ෂා කරති. මේ සඳහා රටවල් 10 ක පාපැදි තරග කරුවන් පිරිසක් ද ශ්‍රී ලංකාවේ පාපැදි ශූරයන් පිරිසක් ද සහභාගි වන අතර, නුවරඑළියෙන් ද මේ සඳහා දක්‍ෂතා ඇති අයට අවස්ථාව ලබාදීමට සංවිධායකයෝ බලාපොරොත්තු වෙති.
මේ සඳහා ඕස්ට්‍රේලියානු මයිග්‍රේෂන් කන්සල්ටන්ට්ස් ප්‍රධාන අනුග්‍රහය දක්වන අතර මෙම තරගය ගෝ සීලාඕ ආයතනය සංවිධානය කරයි. තරගය සඳහා මාධ්‍ය අනුග්‍රහය සන්ඬේ ටයිම්ස්, ලංකාදීප, ඬේලිමිරර්, හායි, ඬේලි එෆ්.ටී, රියල් එෆ්එම්, කිස් එෆ්එම් වෙතිනි. යසස් හේවගේ මහතාගේ උපදෙස් මත නුවරඑළිය ග්‍රෑන්ඞ් හෝටලය විසින් තරගාවලිය මෙහෙයවනු ලබයි.
එවර්රෙස්ටින් පාපැදි තරගය නිල සංකේතය ගෝ සීලාඕ ආයතනයේ අමාලි ගුණවර්ධන මෙනෙවිය විසින් නුවරඑළිය පුරපති චන්දන ලාල් කරුණාරත්න මහතාට පිළිගන්වන ලද අවස්ථාව. නුවරඑළිය නාගරික මන්ත්‍රී සුසන්ත පළිහවඩන, ඔස්ටේ්‍රලියන් මයිග්‍රේෂන් කන්සල්ටන්ට්ස් ආයතයේ මංජුල කුලතුංග සහ නුවරඑළිය ග්‍රෑන්ඞ් හෝටලයේ කළමණාකාර අධ්‍යක්‍ෂ රිෆාන් රෂීඞ් යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගි වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.