Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එක්දින - වි:20 තරගාවලියකට කොදෙව් කාන්තා කි‍්‍රකට් පිල එයි

එක්දින - වි:20 තරගාවලියකට කොදෙව් කාන්තා කි‍්‍රකට් පිල එයි

දිලිනි මල්රුක්ෂි - 2015 අප්‍රේ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර 2017 දී පැවැත්වෙන ලෝක කුසලාන (කාන්තා) ක‍්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමට අවශ්‍ය ප‍්‍රසාද ලකුණු ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම් අතර පැවැත්වෙන කාන්තා කි‍්‍රකට් තරගාවලිය ලබන මැයි මස 15 වැනිදා ශ්‍රී ලංකාවේදී ආරම්භ වේ.

කොදෙව් පිලේ මෙම ශ්‍රී ලංකා සංචාරයට එක්දින තරග හතරක් සහ විස්සයි20 තරග තුනක් ඇතුළත් වේ.

මැයි මස 13 වැනිදා පැවැත්වෙන පළමු එක්දින තරගය සුදුසුකම් ලැබීමේ තරගාවලියට අයත් නොවන නමුත් දෙවැනි තරගයේ සිට සිවුවැනි තරගය දක්වා එම තරගාවලියේ තරග තුන සුදුසුකම් ලැබීමේ තරගාවලියට ඇතුළත් වේ.

විස්සයි20 තරග මැයි මස 23 සහ 26 දිනවල පැවැත්වේ.

කොදෙව් කාන්තා කි‍්‍රකට් පිල මැයි මස 6 සහ 8 දෙදින ශ්‍රී ලංකා වයස 17 න් පහළ බාලක කණ්ඩායම සමඟ පුහුණු තරග දෙකකටද සහභාගි වීමට නියමිතය.   

තරග කාලටහන
මැයි 13 - පළමු එක්දින තරගය එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේදී
මැයි 15 - දෙවැනි එක්දින තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී
මැයි 18 - තෙවැනි එක්දින තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී
මැයි 20 - සිවුවැනි එක්දින තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී
මැයි 23 - පළමු විස්සයි20 තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී
මැයි 25 - දෙවැනි විස්සයි20 තරගය කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී
මැයි 26 - තෙවැනි විස්සයි20 තරගය කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී


අදහස් (0)

එක්දින - වි:20 තරගාවලියකට කොදෙව් කාන්තා කි‍්‍රකට් පිල එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.