Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එක්දින ලෝක වාර්තාවක් අලූත් වෙයි

එක්දින ලෝක වාර්තාවක් අලූත් වෙයි

දිලිනි මල්රුක්ෂි - 2015 අප්‍රේ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තයේ ලැන්කැෂයර් ප‍්‍රාන්ත පිලේ යොවුන් පිතිකරුවකු වන ලයාම් ලිවිංග්ස්ටන් පන්දු 138 කදී ලකුණු 350 ක් රැස්කරමින් පිතිකරුවකු එක්දින තරගයකදී රැස්කළ ඉහළතම ලකුණු සංඛ්‍යාව ලබාගැනීමේ ලෝක වාර්තාව අලූත් කිරීමට සමත් විය.

ලන්ඩන් නුවර රාජකීය කී‍්‍රඩා සමාජ තරගාවලියේදී ‘කැල්ඩි’ පිලට එරෙහිව පැවැති තරගයේදී ලයාම් ලිවිංග්ස්ටන් හතරේ පහර 34 ක් සහ හයේ පහර 27 ක් සමගින් මෙම වාර්තාව පිහිටුවීය. එංගලන්ත සහ වේල්ස් ක‍්‍රිකට් පාලක මණ්ඩලය පවසන්නේ ඉන්දීය ක‍්‍රීඩක නිකිලේෂ් සුරේන්ද්‍රන් මීට පෙර පැවැති අන්තර් සමාජ තරගයකදී ලකුණු 334 ක් රැස්කරමින් පැරණි වාර්තාව පිහිටුවා තිබූ බවයි.

ලයාම් ලිවිංග්ස්ටන් නියෝජනය කරන ‘නැන්ට්විච්’ පිල කඩුලූ 7 ක් දැවී ලකුණු 579 ක් රැස්කළ අතර කල්ඩි පිල ලකුණු 79 කට දැවී යෑමෙන් නැන්ට්විච් පිල ලකුණු 500 කින් තරගය ජය ලැබීය. කැල්ඩි පිලේ පන්දු යවන්නන් දෙදෙනකුගේ  ඕවර 9 කින් ලකුණු 123 ක් සහ 124 ක් රැස් කිරීමට නැන්ට්විච් පිතිකරුවෝ සමත් වූහ.

”මේක මා කරපු හැමදේම හොඳට සිදුවූ අහඹු දවසක්” යැයි එම ඉනිමෙන් පසුව ලයාම් ලිවින්ස්ටන් පැවසීය. 21 හැවිරිදි ලයාම් ලිවිංග්ස්ටන් පසුගිය වසරේ ඉන්දියාවට එරෙහිව මැන්චෙස්ටර්හිදී පැවැති තෙවැනි ටෙස්ට් තරගයේදී අතිරේක පන්දු රකින්නකු ලෙසද කටයුතු කර තිබේ.

048


අදහස් (0)

එක්දින ලෝක වාර්තාවක් අලූත් වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.