Last Update  :  2025-12-28 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එංගලන්ත 17 න් පහළ පිල අසීරු අඩියක

එංගලන්ත 17 න් පහළ පිල අසීරු අඩියක

සංජය එරමුදුගොඩ - 2014 අප්‍රේ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක එංගලන්ත වයස 17 න් පහළ පිල සහ ශ්‍රී ලංකා වයස 17 න් පහළ පිල අතර කොළඹ කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්දින තරගයේ දෙවැනි දිනවූ අද (25) පස්වරුවේ ක‍්‍රීඩාව නරත කරන විට එංගලන්ත පිල දෙවැනි ඉනිමේදී ලකුණු නොලබා කඩුල්ලක් දැවී දැඩි අසීරු තත්ත්වයකට වැටී සිටියේය.

ශ්‍රී ලංකා පිලේ පළමු ඉනිමේදී මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලේ අවිෂ්ක ප‍්‍රනාන්දු (134), ගාල්ල රිච්මන්ඞ් විදුහලේ වනිඳු හසරංග (107) සහ කොළඹ නාලන්දා විදුහලේ මාලිංග අමරසිංහ (102) ශතක රැස්කිරීමට සමත් වූහ.

ශ‍්‍රී ලංකා වයස 17 න් පහළ පිල පළමු ඉනිම කඩුලූ 4 ට 456 (කවීන් බණ්ඩාර 76, අවිෂ්ක ප‍්‍රනාන්දු 134, මාලිංග අමරසිංහ 102, වනිඳු හසරංග 107, ජරෙඞ් වෝනර් 63/2)

එංගලන්ත වයස 17 න් පහළ පිල පළමු ඉනිම සියලූ දෙනා දැවී 79 (හාවි හොෂෙල් 35, මාලිංග අමරසිංහ 10/3, මනෙල්ක ද සිල්වා 10/3, දමිත් සිල්වා 21/2) සහ දෙවැනි ඉනිම කඩුලූ 1 ට 0)

 


අදහස් (0)

එංගලන්ත 17 න් පහළ පිල අසීරු අඩියක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.