Last Update  :  2025-12-28 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එංගලන්ත 17 න් පහළ පිල ශී‍්‍ර ලංකාවේ

එංගලන්ත 17 න් පහළ පිල ශී‍්‍ර ලංකාවේ

ශනුක අරවින්ද - 2014 අප්‍රේ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්ත වයස 17 න් පහළ කි‍්‍රකට් කණ්ඩායම මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ පුහුණුවීම්වල නිරතව සිටියි. මෙම තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා වයස 17 න් පිලේ නායකයා ලෙස ගාල්ල රිච්මන්ඞ් විදුහලේ චරිත් අසලංක ද, උප නායකයා ලෙස කොළඹ ඞී. එස්. සේනානායක විදුහලේ කවීන් බණ්ඩාර ද තෝරාගනු ලැබ ඇත.

එංගලන්ත වයස 17 න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස 17 න් පහළ කණ්ඩායම අතර එක්දින තරග තුනකින් සහ තුන්දින තරගයකින් සමන්විත තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය හෙට (17) මග්ගොන සරේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

එක්දින තරගාවලියේ දෙවැනි සහ තෙවැනි තරග මේ මස 19 සහ 21 දෙදින එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

තුන්දින තරගය මේ මස 24 වැනිදා සිට 26 වැනිදා දක්වා කොළඹ කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

 

- 048


අදහස් (0)

එංගලන්ත 17 න් පහළ පිල ශී‍්‍ර ලංකාවේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.