ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ එංගලන්ත ‘ඒ’ (ලයන්ස්) කණ්ඩායම අතර ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී අද (1 වැනිදා) ආරම්භවූ තුන්දින නිල නොවන කි‍්‍රකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත ‘ඒ’ කණ්ඩායම සියලූ දෙනා දැවී ලකුණු 201 ක් ලබාගත්තේය.
දිනය නිමා වනවිට සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම කඩුලූ 4 දැවී ලකුණු 92 ක් ලබාසිටියේය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත ‘ඒ’ කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ මොයින් අලී පන්දු 91 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 53 ක් රැස්කළේය. දකුණත් පිට පන්දු යවන්නකු වන තරිඳු කෞෂාල් ලකුණු 57 කට කඩුලූ 5 ක් දවාගනිමින් එංගලන්ත ‘ඒ’ ඉනිම සුනුවිසුණු කර දැමුවේය.
ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලූ දෙකම ලකුණු 15 තුළ දැවී ගිය නමුත් එතැන් සිට වේගවත් ඉනිමක් කී‍්‍රඩා කළ භානුක රාජපක්ෂ පන්දු 57 කදී ලකුණු 60 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක්ද සමගිනි. දිනය නිමා වනවිට රොෂේන් සිල්වා (15) සහ නිරෝෂන් දික්වැල්ල (2) පන්දුවට පහරදෙමින් කඩුල්ලේ රැදීසිටියහ.
වේග පන්දු යවන කී‍්‍රඩක මාර්ක් වුඞ් ලකුණු 18 කට ශ්‍රී ලංකා ඉනිමේ මුල් පෙළ කඩුලූ 3 ක් දවාලමින් ඔවුන්ට තරමක පීඩනයක් එල්ල කිරීමට සමත්විය.
එංගලන්ත ‘ඒ’ කණ්ඩායම පළමු ඉනිම - ඕවර 64.5 කදී සියලූ දෙනා දැවී 201
(සෑම් රොබ්සන් 15, වරුන් චෝප්රා 21, මොයින් අලී 53, ජොනී බෙයර්ටෝ 32, ඔලී රයිනර් 32, මාර්ක් වුඞ් 16, තරිඳු කෞෂාල් 57/5, ඉෂාර ජයරත්න 21/2, චතුර රන්දුනු 44/2)
ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම පළමු ඉනිම - ඕවර 22 කදී කඩුලූ 4 කට 92
(භානුක රාජපක්ෂ 60, රොෂේන් සිල්වා 15, මාර්ක් වුඞ් 18/3)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.