Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එක්දින අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ මුලකුරු කියවමින් සිටින නමුත් එංගලන්ත යොවුන් පිලට එරෙහිව ලකුණු 248 ක් ලබාගැනීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ සමත් වූහ. එහෙත් වර්ෂාවෙන් බාධා පැමිණි තරගයේදී ඩක්වර්ත් - ලුවිස් න්‍යාය අනුව, කඩුලු 3 ක ජයක් ලබාගැනීමට එංගලන්ත යොවුන් පිලට හැකිවිය.
එංගලන්තයේ වූස්ටර් නුවරදී සඳුදා (5 වැනිදා) පැවැති පළමු එක්දින තරගයේ ජයත් සමගින් එංගලන්ත යොවුන් කණ්ඩායම 1-0 ක් ලෙසින් පෙරමුණ ගෙන සිටී.
පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ කඩුලු 3 ක් ලකුණු 74 කට බිඳ වැටිණ. අනතුරුව ෂෙවොන් ඩැනියෙල් (54) සහ නායක රවීන් ද සිල්වා එක්ව සිව්වැනි කඩුල්ලට ලකුණු 50 ක් එක්කළේ සංචාරකයන්ගේ බලාපොරොත්තු ඉහළ නංවමිනි. ඕවර 30 ක් නිමාවේදී ශ්‍රී ලංකා යොවුන් පිල ලබා සිටියේ කඩුලු 5 ක් දැවී 146 කි. පසුව අංජල බණ්ඩාර (44) සහ මල්ෂ තරුපති (37) එක්ව තම කණ්ඩායම ලකුණු 200 කඩයිමෙන් ඔබ්බට තල්ලු කළහ.
ලකුණු 249 ක ඉලක්කයක් කරා ගිය එංගලන්ත යොවුන් පිල කඩුලු 7 කට 174 ක් ලබා සිටියදී ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත තරගය ජයගත්තේය.
ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම - ඕවර 48 කදී කඩුලු 9 ක් දැවී 248 යි
(හසිත අමරසිංහ 19, අභිෂේක් ලියනාරච්චි 33, ෂෙවොන් ඩැනියෙල් 54, රවීන් ද සිල්වා 19, අංජල බණ්ඩාර 44, මල්ෂ තරුපති 37, දුවිඳු රණතුංග 12, තෝමස් ඇස්පින්වෝල් 24/2, ෆතේෂ් සිං 49/3, ඩැනියෙල් ඊබ්‍රහිම් 61/2)
එංගලන්ත යොවුන් කණ්ඩායම - ඕවර 23.1 කදී කඩුලු 7 ක් දැවී 174 යි
(ජෝර්ජ් තෝමස් 28, බෙන් මැක්නි 31, ඇලෙක්ස් හෝර්ට්න් 49, ඩැනියෙල් ඊබ්‍රහිම් 32, ජමාල් රිචඩ්ස් නොදැවී 10, රවීන් ද සිල්වා 32/2)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.