ඇන්ජලෝ මැතිව්ස්
"හොඳ තණතීරුවක හොඳ දස්කම්. පිතිකරුවන්ගේ කාර්යය ගොඩක් අමාරු වුණත් ඩිල්ෂාන් ඉතාමත් හොඳින් සෙල්ලම් කළා. පන්දුවට පහර දීලා ඉවර වුණාම අපි ඒ තරම් දේවල් හිතුවේ නෑ. ඒත් පන්දු යවන්නන් අති විශිෂ්ට අන්දමින්, ඉතාම ආක්‍රමණශීලී ලෙසින් පන්දු යැව්වා.
"මේ තත්ත්වයන් අපටත් අභියෝගයක් වුණා. හරිම සීතලයි. ඒත් මේ වගේ තත්ත්වයන් තියෙන කොට කුලසේකරට මුහුණ දෙන එකත් හරිම අමාරුයි. සේනානායක කියන්නේත් විශ්වාසනීයත්වය අතින් ඉහළම ක්‍රීඩකයෙක් ඔහුගේ දස්කම්ද ඒ වගේමයි"
ඔයින් මෝගන්
"පතුළක් නැති අගාධයකට වැටුණා වගේ...අපට අවශ්‍ය ආකාරයට කඩුලු අතර සම්බන්ධතා ගොඩනැඟුණේ නෑ. කිසිම දෙයක් හරියට වුණේ නෑ. විස්තර කරන්නත් අමාරුයි...අපි සම්බන්ධතා ගැන කතා කළත් ඒ කිසිවක් ගොඩනැඟුණෙත් නෑ. පළමු ඕවර 10 පරෙස්සමෙන් ගහමු කිව්වත් ඒක වුණෙත් නෑ. දිගින් දිගටම කඩුලු වැටුණා."
"සාමාන්‍යයෙන් අපි හොඳට ක්‍රීඩා කරන තත්ත්වයන් යටතේම අපව අසරණ කරලා දැම්මා. පුහුණුවීම් වලදී අපි ඒ තරම් උඩපන්දු අතහරින්නේ නෑ. ඒත් අද උඩපන්දු කිහිපයක්ම බිම දැම්මා"
ඕවර 26.1 - එංගලන්ත පිල ලකුණු 99 කට දැවී යයි
එංගලන්ත පිලට කට උත්තර නෑ. 1971 දී මෙල්බර්න් නුවරදී පැවැති තරගයේ ඉඳන් මේ දක්වා එක්දින තරග 619 කට සහභාගි වූ එංගලන්තය ලකුණු 100 කට අඩුවෙන් දැවී ගිය 6 වැනි අවස්ථාව මෙයයි. එයින් අවස්ථා දෙකකදීම (88 සහ 99) ශ්‍රී ලංකා පිල හමුවේ..රට පොඩි වුණත් ශ්‍රී ලාංකිකයන්ගේ වැඩ ඉස්තරම්...
ඕවර 52.2 - ඔයින් මෝගන් දැවී යයි - 95/9
සේනානායකගේ පන්දුවකට ඉදිරියට පැමිණ පහර දීමට ගිය ජිමී ඇන්ඩසන් පන්දුව කඩුල්ලේ වැදීමෙන් දැවී යයි. ශ්‍රී ලංකා පිලට ලකුණු 157 ක ජයක්..අති විශිෂ්ට ජයක්..මෙම ජයත් සමගින් තරගාවලිය 1-1 ක් ලෙසින් සමවෙනවා.
ඕවර 25 - 88/8
එංගලන්තය එක්දි්න තරගයකදී දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව වන 86 ත් (වසර 2001 ඕස්ට්‍රෙලියාවට එරෙහිව මැන්චෙස්ටර්හිදී) ශ්‍රී ලංකා පිලට එරෙහිව ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාව වන 88 (වසර 2003 දී දඹුල්ලේදී) මේ වන විට පසුකර ගොස් සිටිනවා..ඔවුන්ගේ උත්සාහය වන්නේ ලකුණු 100 කඩයිම කරා යාම විය හැකියි
ඕවර 24 - 84/8
හිරු එළිය නැති හෙයින් සෙවණැල්ලක් නොපෙනෙන චෙස්ටර් ලී ස්ට්‍රීට් ක්‍රීඩාංගණයේදී පවතින වැසිබර කාලගුණය නිසා කුලසේකර පළමුව බලාපොරොත්තු වුණේ පන්දුවේ දෝලනයයි. ඒත් තණතීරුවේ තණකොළ නැති කමින් කුලේට ඒ වාසිය ලබාගන්න බැරිවුණත් පස්සේ ඔහු පන්දුවේ මැස්ම උපයෝගී කරගනිමින් විශිෂ්ට පන්දු යැවීමක යෙදුණා..මයිකල් හෝල්ඩිං කීවේ ඒ ගැනයි
ඕවර 22.1 - ට්‍රෙඩ්වෙල් දැවී යයි - 73/8
"පන්දුව දෝලනය කරන්න වගේම පන්දුවේ මැස්ම උපයෝගී කරගනිමින් එය දෙපැත්තටම යවන්නටත් කාට හරි පුළුවන් නම් එය කොයිතරම් වටිනවාද? කුලසේකර කරන්නේ එයයි"...මේ කතාව කිව්වේ කවුද දන්නවාද? මයිකල් හෝල්ඩිං...1984 එංගලන්ත පිලේ විනාශකාරයා..අද තරගයේ විස්තර විචාරයේ යෙදෙන ගමන්
ඕවර 20 - 71/7
දැන් නම් එංගලන්ත පිල හොඳටම අවදානම් තත්ත්වයක..ඔවුන් තරගය අතහැරලා වගේ ඇතැම් පන්දු නිදැල්ලේ යන්නත් හරිනවා..
ඕවර 19 - 63/7
පන්දුව ඩිල්ෂාන් අතට දෙයි...පිට දඟ පන්දු යවන්නන්‍ෙ ඉතාමත් හොඳ තත්ත්වක්..'කොච්චර වුණත් ලේසියට ගන්න එපා.." යි කඩුල්ල පසුපස සිටින සංගාගෙන් සගයින්ට අවවාදයක්
ඕවර 18.2 - ක්‍රිස් ජෝර්ඩ්න් දැවී යයි - 63/7
සේනානායකගේ පන්දුවකින් ක්‍රිස් ජෝර්ඩ්න් දැවී යයි.
ඕවර 17.1 - ජොස් බට්ලර් දැවී යයි - 55/6
මැතිව්ස්ගේ පළමු පන්දුවටම කඩුල්ලක්...පිටියේ මැද පතිත වූ පන්දුව ජොස් බට්ලර් පිත්තෙන් පිළිගත් නමුත් පිටත දාරයේ වැදුණු පන්දුව ඉහළ ගියා. මිඩ් ඕෆ් දෙසට ඇදී යන පන්දුව පසුපස දිවගිය සේනානායක මාළුවෙක් දියෙන් ඉවතට පනින්නාක් මෙන් ගුවනට පැන උඩපන්දුව රැකගත්තා.....අති විශිෂ්ට පන්දු රැකීමක්..
ඕවර 17 - 55/5
ධම්මික ප්‍රසාද් දිගින් දිගටම පැයට සැතපුම් 85 කට (පැ. කි. මී. 136 කට) වැඩි වේගයකින් පන්දු යවනවා. ඉඳ හිට කෙටිපන්දුවක් යැව්වත් අනෙක් බොහෝ පන්දු ඉලක්කය එල්ලයේ යන ඒවා....
ඕවර 15 - බොපාරා දැවී යයි - 46/5
රවී බොපාරාට හිතාගැනීමටත් බැරි තරමට පන්දු දඟ කවමින් සිටි සචිත්‍ර සේනානායක තමාගේ දෙවැනි ඕවරයේ අවසන් පන්දුවේදී බොපාරා දවාගනී...පිට ඉන්නට යන්තමින් එපිටින් පතිත වූ පන්දුව පාදයත් පිත්තත් අතරින් රිංගා බොපාරාගේ පිට ඉන්න සොයා යන්නේ පන්දු 54 ක පුරා ක්‍රියාත්මක වූ පස්වැනි කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 17 කට සීමා කරමින්
ඕවර 13 - 42/4
සේනානායකගේ පළමු ඕවරයට ලකුණක් පමණයි. ධම්මික ප්‍රසාද්ගේ ඕවර 2 ට ලකුණු 6 යි..
ඕවර 10 - 31/4
10 වැනි ඕවරය ධම්මික ප්‍රසාද්ගෙන්..එ් ඕවරයේදී ලකුණු 2 ක් විතරයි..එංගලන්තය පසුපාදයට වැටිලා..දැන් ඔවුන් උත්සාහ කරන්නේ කඩුලු අරක්ෂා කරගන්නයි..ඒත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිසිම අනුකම්පාවක් නැතිව ඔවුන් හිර කරමින් ඉන්නවා..එංගලන්ත පිලට තරගය ජයගන්න නම් ඕවර 40 කදී ලකුණු 226 ක් ඕනෑ..
ඕවර 6.2 - ජෝ රූට් දැවී යයි - 29/4
මෙන්න කුලේගේ වැඩ....පළමු ඕවරයේදී ලකුණු 8 ක් දුන්නත් දැන් තත්ත්වය ලකුණු 9 යි කඩුලු 3 යි...
ඕවර 5.2 - ජෝ රූට් දැවී යයි - 27/3
පිටියේ මැද පතිත වූ නමුත් ලසිත් මාලිංගගේ පන්දුවක් ජෝ රූට්ගේ පිට ඉන්න සොයා ඇදී යයි. පසු පාදයේ ක්‍රීඩා කළ රූට්ට කිසිවක් සිතාගැනීමටවත් කාලයක් නැතිව පිට ඉන්න ඇද වැටෙයි..
ඕවර 4.4 - ඉයන් බෙල් දැවී යයි - 26/2
පිට ඉන්නත් මැද ඉන්නත් අතර පතිත කළ පන්දුවකින් මයිකල් කාබෙරිගේ ඉනිම අවසන් කළ නුවන් කුලසේකරගේ තරමක් කෙටි පන්දුවකට බැක් කට් පහරක් ගැසීමට ඉයන් බෙල් උත්සාහ කළේය. ප්‍රතිඵලය වූයේ සංගාට උඩපන්දුවක් ලැබීමයි....කුරුල්ලකු මෙන් පළමු ස්ලිප් ක්‍රීඩකයා දෙසට පියාඹා ගිය සංගක්කාර අලංකාර අයුරින් උඩපන්දුව රැකගත්තේය.
ඕවර 2.4 - කාබෙරි දැවී යයි - 19/1
එංගලන්ත ඉනිම ඇරඹෙයි
ඉයන් බෙල් සහ මයිකල් කාබෙරි පිටියට එති..එංගලන්ත නායක ඇලිස්ටෙයාර කුක්ගේ ස්ථානය අද හිමිවී ඇත්තේ මයිකල් කාබෙරිටයි
ඕවර 50 - 256/8
ඕයර 35 ක් අවසානයේ ලකුණු 145 ක් ලබා සිටි ශ්‍රී ලංකා පිල වෙනුවෙන් අවසන් ඕවර 15 දී පිතිකරුවෝ සාර්ථක මෙහෙවරක නිරත වූහ. අවසන් ඕවර 15 දී ලබාගත් ලකුණු 111 ක් ලකුණු 87 ක් ගලා ආවේ අවසන් ඕවර 10 නි. මේ කාලය තුළදී නායක ඇන්ජලෝ මැතිව්ස් (30), ප්‍රියන්ජන් (43) මෙන්ම චන්දිමාල් (පන්දු 9 කින් ලකුණු 14) සාර්ථක පිතිහරඹයක නිරත වූහ.
නිතරම පීඩනයට නිසි ප්‍රතිචාර දැක්වීමට සමත් පිතිකරුවකු වන නායක ඇන්ජලෝ මැතිව්ස් තව ටික වේලාවක් හෝ පිටියේ සිටියා නම් ලකුණු 270 සීමාව ආසන්නයට යාමේ අවස්ථාවද ශ්‍රී ලංකා පිලට තිබිණු අතර පන්දු 33 කින් ලකුණු 43 ක් ලබාගත් අශාන් ප්‍රියන්ජන් තම පිල වෙනුවෙන් කදිම මෙහෙවරක නිරත විය.
ඔවුන්ට මෙම ලකුණු සංඛ්‍යාව කරා යාමට පදනම දමා දුන්නේ අන් කිසිවකු නොව ඩිල්ෂාන් සහ සංගක්කාර දෙදෙනායි. ඕවර 21.4 ක් පුරා එංගලන්ත පන්දු යවන්නන් හසුරුවා ගනිමින් 3 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 96 ක් එක් කළ මේ දෙදෙනා කඩුලු රැකගත් හෙයින් අවසන් ඕවර 15 දී වේගයෙන් ලකුණු රැස්කළ හැකි පරිදි කඩුලු ඉතිරි විය.
ඕිවර 49 - 249/8
තවත් පන්දු 6 ක් ඉතිරියි..ඒ පන්දු 6 ට ලකුණු කීයක් ගත හැකිද?
ඕවර 48.3 - චන්දිමාල් දැවී යයි - 248/7
ශ්‍රී ලංකා පිල ලකුණු 250 පෙනෙන මානයට කැඳවාගෙන ආ ඇන්ජලෝ මැතිව්ස් (30), ප්‍රියන්ජන් (43) සහ චන්දිමාල් (14) දැවී යති. එහෙත් තරගයක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා ශ්‍රී ලංකා පිල පැමිණෙයි..
ඕවර 46 - 225/4
අවසන් ඕවර දෙකේදී ලකුණු 16 ක්..මේ අතරේදී මැතිව්ස් දුන් ඉතාමත් පහසු උඩපන්දුවක් ඩීප් මිඩ් විකට්හි සිටි රවී බොපාරා අතින් ගිළිහී ගියා...තවත් ඕවර 4 ක් ඉතිරියි....තවත් ලකුණු කීයක් ගත හැකිවේද?
ඕවර 44 - 209/4
මැතිව්ස්‍ග් බර පිත්ත ක්‍රියාත්මකයි...පන්දු 26 කදී ලකුණු 24 යි. හතරේ පහර 2 යි. අශාන් ප්‍රියන්ජන්ගෙන් හොඳ සහයක්...දෙදෙනා අතර පස්වැනි කඩුල්ල වෙනුවෙන් සම්බන්ධතාව ලකුණු 50 ඉක්මවයි..
ඕවර 42 - 189/4
මැතිව්ස් 42 වැනි ඕවරයේදී ක්‍රීඩාගාරයෙන් අලුත් පිත්තක් ගෙන්නාගනී...මේ විශාල පහර කරා යාමට පහසු වන පරිදි බරින් වැඩි පිත්තක්.
ඕවර 41 - 185/4
ට්‍රෙඩ්වෙල් යැවූ තරගයේ 41 වැනි ඕවරයෙන් ලකුණු 16 ක් ආවා. හයේ පහර දෙකක්ම ගැහුවේ ප්‍රියන්ජන්....මේක තමයි වෙන්න ඕන දේ...මැතිව්ස් කියන්නේ විශාල පහර කරා යා හැකි අති විශාල ආත්ම ශක්තියක් තියෙන පිතිකරුවෙක්. අවසන් ඕවර 5 වන තුරු මැතිව්ස්ව රැකගන්න ඕනා....චන්දිමාල්, කුලේ...සේනානායක...තවමත් ක්‍රීඩාගාරයේ ඉන්නවා
ඕවර 40 - 169/4
පිතිකරුවන්ගේ අධිවේගී ඕවර 5 ට ලකුණු 24 ක් පමණයි. ඒ අතරේ ඩිල්ෂානුත් දැවී ගියා...එම ඕවර 5 ශ්‍රී ලංකා පිලට වඩා එංගලන්තයට වාසි දායකයි වගේ...ඉතිරි ඕවර 10 දී ලකුණු 60 ක් ගත්තත් එකතුව 230 ක් විතර...
ඕවර 38 - 161/4
දැන් නම් බල බලා හිටියා ඇති වගේ..තවත් ඕවර 12 ක් විතරයි තියෙන්නේ. ලකුණු කීයක් ලබාගත හැකිවේද?...ඩිල්ෂාන් දැවී ගියායින් පස්සේ පිටියට ආපු ප්‍රි්යන්ජන් පන්දු 4 කට මුහුණ දුන්නත් එක ලකුණයි...මෙහෙම හටියාම නායක මැතිව්ස්ට පීඩනය වැඩි වෙනවා....ඒ නිසා මැතිව්ස් විශාල පහර කරා යන්න දැවී ගියොත් 45 වැනි ඕවරයෙන් පස්සේ ඒක ඉතාම අවාසි සහගත වෙන්න පුළුවන්...
ඕවර 37.1 - ඩිල්ෂාන් දැවී යයි - 159/4
ක්‍රිස් ජෝර්ඩ්න් එංගලන්ත නායකයා සොයමින් සිටි කඩුල්ල දවාගනී. පාදයත් පිත්තත් අතරින් රිංගා ගිය පන්දුව ඩිල්ෂාන්ගේ මැද ඉන්න සොයා ගනී...පන්දු 101 කින් ලකුණු 88 ක්...මන්දගාමී ආරම්භයක් ලබාගත් ශ්‍රී ලංකා පිල වෙනුවෙන් සාධාරණ සේවයක්...
ඕවර 35 - 145/3
දැන් ඉනිමේ සෑහෙන කොටසක් අවසන්. තවත් ඕවර 15 ක් විතරයි තියෙන්නේ..එ්ත් තව ලකුණු 100 ක් වත් ගන්න ඕනේ..එංගලන්ත පිල නායක කුක්ව හළලා මයිකල් කාබෙරිව කණ්ඩායමට ගෙනත් තියෙන්නේ පිතිහරඹය ශක්තිමත් කරන්නයි...
ඕවර 32.5 - මහේල දැවී යයි - 136/3
ට්‍රෙඩ්වෙල්ගේ පන්දුවකට ඩිල්ෂාන් ගැසූ කට් පහරින් පන්දුව ගියේ තර්ඩ් මෑන් කලාපයට. ඉතාමත් පහසුවෙන්ම ලකුණු 2 ක් ලබාගත්තත් 3 වැනි ලකුණ කරා දිවයද්දී මහේල දැවී ගියා...ඇත්තටම පන්දුව ආවේ මහේලට ඉදිරියෙන්...ඔහු දිවගියේ ඒ තරම් බරපතළයට සිතා නොගෙනයි..ලකුණ සම්පූර්ණ කරන්න කඩුල්ල දෙසට පැන්නා නම් සමහරවිට මහේලට බේරෙන්න තිබුණා.
ඕවර 30.4 - සංගක්කාර දැවී යයි - 129/2
මැද ඉන්න එල්ලයේ පතිත වූ ට්‍රෙඩ්වෙල්ගේ පන්දුවට ස්ලොග් ස්වීප් පහරක් ගැසීමට ගිය සංගාගේ පහර ඒ වතාවේදී වැරදී ගියේය. එකතැන ඉහළ ගිය පන්දුව යටට පැමිණි ජොස් බට්ලර් කිසිදු අපහසුවක් නැතිව රැකගත්තා.
ඕවර 28 - 118/1
ඩිල්ෂාන් හා සංගා මේ කරන පිති හරඹය නම් අපූරුයි. ඔවුන් දෙදෙනාම හීන් සීරුවේ ලකුණු ලබාගැනීමේ වේගය වැඩිකරමින් යනවා. අවදානමක් ගන්නේ නෑ. ඒත් කඩුලු අතේ තියෙනවා....මේ විදිහට ගියොත් 35 වැනි ඕවරයෙන් පස්සේ අත දිගහැරලා ගහන්න පුළුවන්..එයින් ඕවර 5 ක් ප්‍රහාරාත්මක ඕවර. එතැන් සිට ඉතිරි ඕවර 10 යි..කොහොම වුණත් ලකුණු 250 කට වැඩිය ගත්තොත් නම් හොඳයි...
ඕවර 25 - 104/1
ඩිල්ෂාන් අර්ධ ශතකය ලබාගත්තා. මේ ඔහුගේ 35 වැනි එක්දින අර්ධ ශතකයයි. සංගාත් දැන් දැන් ටිකක් අත දිගහැර පහර දෙනවා..
ඕවර 24 - 97/1
ට්‍රෙඩ්වෙල්ගේ 4 වැනි ඕවරයේදී ලකුණු 11 ක් ආවා. සංගා සහ ඩිල්ෂාන් දෙදෙනාගෙන්ම අලංකාර හතරේ පහර දෙකක්. පිතිකරුවන් දෙදෙනාම තත්ත්වය වටහාගෙනයි ඉන්නේ..දැන් දැන් පහර කරා යනවා
ඕවර 22 - 83/1
22 වැනි ඕවරයෙන් ලකුණු 4 ක් විතරයි. යැව්වේ බොපාරා..ඩිල්ෂාන් හා සංගක්කාර දෙදෙනා අතර චෙදවැනි කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 50 යි.
ඕවර 19 - 72/1
ට්‍රෙඩ්වෙල් පන්දුව හොඳින් දඟ කවනවා. ඒ වගේම නිසි දුරකින් පන්දුව පතිත කරනවා. මේ විදිහට ගියොත් නම් ට්‍රෙඩ්වෙල් තරමක කරදර කාරයෙක් වේවි. ටිකක් ඉක්මන් කළොත් නම් හොඳා...
ඕවර 17 - 66/1
ඒ ඕවරයේදී ලකුණු 4 යි. දෙපිලම සිසිල් පැන් පානයේ..ගල් ගැහෙන සීතලේ මොන සිසිල් පැන්ද? කෝපි එකක් තිබ්බා නම් නියමයි....ඇත්තටම මේ වෙලාවේ ක්‍රීඩකයන් මොනවා බොනවා වෙන්න පුළුවන්ද?
ඕවර 14 - 62/1
ක්‍රිස් ජෝර්ඩ්න්ගේ බවුන්සර් පන්දුවකට ඩිල්ෂාන් ගැසූ අලංකාර පුල් පහරකින් පන්දුව හතරේ සීමාවට.
ඕවර 14 - 53/1
ඩිල්ෂාන් සුපුරුදු පරිදි තමන්ගේ පහර කරා යනවා වුණත් හිතුවක්කාර පහර ගහන්න උත්සාහ කරන්නේ නෑ. කඩුල්ල රැක ගැනීමට උත්සාහ කරන බවක් පෙනෙන්න තියෙන්නේ. තරගයට පෙර තණතීරුව පරීක්ෂා කරපු විචාරකයන් කියා සිටියේ තණතීරුව පිතිකරුවන්ට තරමක් අසීරු විය හැකි බවයි.
ඕවර 9 - තිරිමාන්න දැවී යයි
8 වැනි ඕවරයේදී හැරී ගානිට හයේ පහරක් ගැසූ තිරිමාන්න ජේම්ස් ඇන්ඩසන් හමුවේ නැවතත් අසරණ විය. ඇන්ඩසන්ගේ පස්වැනි ඕවරයේ පළමු පන්දු 5 ටම ලකුණු ලබාගැනීමට අපොහොසත් වූ තිරිමාන්න ඊළඟ පන්දුව ස්ලිප් කලාපය හරහා තල්ලු කිරීමට උත්සාහ කළත් ස්ලිප් හි සිටි ජේම්ස් ට්‍රෙඩ්වෙල්ට පහසු උඩපන්දුවක් හිමිවිය.
ඕවර 6 - 19/0
ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර දැන් පැවැත්වෙන එක්දින තරගයේදී ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් ඉනිම ආරම්භ කළ තිලකරත්න ඩිල්ෂාන් සහ ළහිරු තිරිමාන්න දෙදෙනා අතුරින් ඩිල්ෂාන් සාමාන්‍ය ආකාරයෙන් ලකුණු ලබාගන්නා නමුත් ළහිරු තිරිමාන්න එංගලන්ත පන්දු යවන්නන් හමුවේ දමනය වී සිටින ආකාරයක් පෙනෙන්නට තිබේ.
තරගයේ 6 වැනි ඕවරය නිමා වන විට ඩිල්ෂාන් පන්දු 13 කින් ලකුණු 13 ක් ලබා සිටියද ඒ වන විට පන්දු 23 කට මුහුණ දී සිටි තිරිමාන්න ලබා සිටියේ ලකුණු 2 ක් පමණි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.