Last Update  :  2025-12-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඉසිපතනයට මුල් ඉනිමේ ජයක්

ඉසිපතනයට මුල් ඉනිමේ ජයක්

ශනුක අරවින්ද - 2013 දෙසැ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේදී ඉසිපතන විදුහල සහ ලූම්බිණි විදුහල අතර පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ඉසිපතන විදුහල සමත්විය. මෙම කොළඹ බී. ආර්. සී. කී‍්‍රඩාංගණයේදී ඊයේ (27 වැනිදා) නිමා විය.

තරගයේ දෙවැනි දිනය ආරම්භවන විට ලකුණු 64 කට කඩුලූ 4 ක් දැවී අසීරු තත්ත්වයක පසුවූ ලූම්බිණි විදුහල ලකුණු 161 කට සීමා කිරීමට ඉසිපතන පන්දුයවන්නෝ සමත්වූහ.

ඉසිපතන විදුහල වෙනුවෙන් සචින් ජයසූරිය (73), මධුවන්ත (නොදැවී 90) සහ ශාලින්ද උෂාන් (65) අර්ධ ශතක ලබාගත්හ. ලූම්බිණි විදුහලේ චාමර නිෂාන්ත පළමු ඉනිමේදී ලකුණු 52 කට දවාගත් කඩුලූ 5 ත් සමග සමස්ත තරගයේදීම කඩුලූ 7 ක් දවාගත්තේය.

ඉසිපතන විදුහල පළමු ඉනිම - ඕවර 72.2 කදී සියලූදෙනා දැවී 218
(සචින් ජයසූරිය 73, ධනුක දීලක 41, දිලූක ශෙහාන් 39, චාමර නිෂාන්ත 52/5, වාසන මධුසංක 24/3, තනුක දාබරේ 58/2)

ලූම්බිණි විදුහල පළමු ඉනිම -  ඕවර 55.3 කදී සියලූදෙනා දැවී 161
(තරුෂාන් ඉද්දමල්ගොඩ නොදැවී 58, චාමර නිෂාන්ත 30, කැලූම් බැසිටියන් 44/4, කමින්ද පෙරේරා 15/3, ප‍්‍රමොද් මධුවන්ත 6/2)

ඉසිපතන විදුහල දෙවැනි ඉනිම -  ඕවර 70 කදී කඩුලූ 7 කට 249
(ප‍්‍රමෝද් මධුවන්ත නොදැවී 90, ශාලින්ද උෂාන් 65, කමින්ද පෙරේරා 41, ජම්මික ධාරණ 24/2, තරුෂාන් ඉද්දමල්ගොඩ 73/2, චාමර නිෂාන්ත 92/2)

 

-036


අදහස් (0)

ඉසිපතනයට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.