Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන අන්තර් පාසල් පළමු කොටසේ රග්බි තරගාවලියේ දෙවැනි සතිය යටතේ අද (15 වැනිදා) පැවැති මූලික වටයේ තරගකදී මහනුවර කින්ස්වුඩ් විදුහලට එරෙහිව ලකුණු 32-22 ක ජයක් වාර්තා කිරීමට කොළඹ ඉසිපතන විදුහල සමත් විය. මෙම තරගාවලියේදී ඉසිපතන විදුහල පිට පිටම ලැබූ දෙවැනි ජයද මෙය විය.
මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 12-10 ක් ලෙස පෙරමුණ ගැනීමට ඉසිපතන ක්‍රීඩකයෝ සමත් වූහ. එහිදී ගෝල දිනුමක් සහ උත්සාහක මගින් ඉසිපතන විදුහල ලකුණු ලබාගත් අතර කින්ස්වුඩ් විදුහල ලකුණු ලබාගත්තේ උත්සාහක දිනුම් 2 ක් මගිනි.
දෙවැනි අර්ධයේදී උත්සාහක දිනුම් 4 ක් මගින් සිය කණ්ඩායමට තවත් ලකුණු 20 ක් එක්කර ගැනීමට ඉසිපතන ක්‍රීඩකයන් සමත් වෙද්දී, කින්ස්වුඩ් ක්‍රීඩකයන්ට ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් මගින් ලබාගත හැකි වූයේ ලකුණු 12 ක් පමණි. ඒ අනුව නියමිත වේලාව අවසන් වන විට ඉසිපතන ක්‍රීඩකයෝ කින්ස්වුඩ් විදුහලට වඩා ලකුණු 10 ක් ඉදිරියෙන් සිටියහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.