සංචාරක ඉන්දීය පිල සහ එංගලන්ත පිල අතර තරග පහකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ සදම්ප්ටන්හි රෝස් බෝල් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි තරගයේ තෙවැනි දිනය වූ අද (29) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට ඉන්දීය පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 8 ක් දැවී ලකුණු 323 ක් රැස් කරමින් ලකුණු 246 ක් පසු පසින් සිටියේය.
තෙවැනි දිනය අවසන් වන විට නායක මහේන්ද්‍ර සිං දෝනි (නොදැවී 50) සහ මොහොමඞ් ශාමි (නොදැවී 04) පන්දුවට පහර දෙමින් සිටියහ.
ඉන්දියාව පිට පිටම දෙවැනි වරට පන්දුවට පහර දීමේ අවස්ථාවෙන් ගැලවීමට තවත් ලකුණු 47 ක් රැස්කළ යුතුය.
ඉන්දීය පිලේ මේ වන විට වැඩිම ලකුණු ලාභියා වන අජින්යා රහනේ පන්දු 113 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 54 ක් රැස්කර හයවැනි කඩුල්ල ලෙස දැවී ගියේය.
ඉන්දීය පිලේ ප‍්‍රබලතම පිතිකරු වන විරාට් කෝලි ලකුණු 39 ක් ලබා සිටියදී සිව්වැනි කඩුල්ල ලෙස දැවී ගියේය.
එංගලන්ත පිල පළමු ඉනිම ඕවර 163.4 කදී කඩුලූ 7 ට 569
(ඇලෙස්ටියාර් කුක් 95, සාම් රොබ්සන් 26, ගැරී බැලන්ස් 156, ඉයන් බෙල් 167, මුයින් අලී 12, ජෝස් බට්ලර් 85, බුවනේෂ්වර් කුමාර් 101/3, රවීන්ද්‍ර ජඬේජා 153/2)
ඉන්දීය පිල පළමු ඉනිම ඕවර 102 කදී කඩුලූ 8 ට 323
(මුරලි විජේ 35, චෙටෙෂ්වර් පුජාරා 24, විරාට් කෝලි 39, අජින්යා රහනේ 54, රෝහිත් ශර්මා 28, මහේන්ද්‍ර සිං දෝනි නොදැවී 50, රවීන්ද්‍ර ජඬේජා 31, බුවනේෂ්වර් කුමාර් 19, ස්ටුවට් බ්‍රෝඞ් 65/3, ජේම්ස් ඇන්ඩසන් 52/3, මුයින් අලී 62/2)
048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.