Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඉන්දියාවටත් පැරදුණු ශ්‍රී ලංකාව ගෙදර

ඉන්දියාවටත් පැරදුණු ශ්‍රී ලංකාව ගෙදර

editorial - 2022 ජුලි මස 30 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

 

(නාමල් පතිරගේ)

ඉන්දියාවට ගෝල 4-0කින් පරාජයවීමෙන් ඉන්දියාවේ බුහුබනේෂ්වර් නුවරදී දැන් පැවැත්වෙන දකුණු ආසියානු වයස 20න් පහළ පාපන්දු ශූරතා තරගාවලියේ දී ශ්‍රී ලංකාව ඊයේ (29) තෙවැනි පරාජයත් ලැබීය.

ඒ අනුව මෙම තරගාවලියේ අවසන් මහ තරගයට පිවිසීමේ ශ්‍රී ලංකා අපේක්ෂා ඊයේ බිඳ වැටුණු අතර මූලික වටයේ ඔවුන්ට ඉතිරිව තිබෙන සෙසු එකම තරගය වන මාලදිවයිනට එරෙහිව තරගය හෙට (31) පස්වරු 4ට පැවැත්වේ. තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරගයෙන් බංග්ලාදේශයට ගෝල 1-0කින්ද දෙවැනි තරගයෙන් නේපාලයට එරෙහිව ගෝල 3-0කින්ද පරාජයට පත්විය.

ඊයේ තරගයේ දී ඉන්දීය ක්‍රීඩකයන් රැස් කළ මෙම සියලු ගෝල තරගයේ දෙවැනි භාගයේදී වාර්තාවීම කැපී පෙනුණි. ඒ 50, 69, 74 හා 93 වැනි (අතිරේක කාලයේදී) විනාඩිවලදීය. තරගයේ නියමිත විනාඩි 90ක කාලය අවසන්වීමෙන් පසුව අපතේ ගිය කාලය සඳහා ප්‍රදානය කෙරුණු අතිරේක තෙවැනි විනාඩියේ දී ද ඉන්දියාව ඊයේ තරගයේදී ගෝලයක් වාර්තා කිරීමට සමත් විය.

ශ්‍රී ලංකාව පරාජයට පත්කළ ඉන්දියාව පසුගිය 2019 තරගාවලියේ ශූරයන් වේ. ශ්‍රී ලංකා-ඉන්දීය තරගය ඊයේ නිමාවට පත්වීමෙන් පසුව ප්‍රසාද ලකුණු සටහනේ නේපාලය හා බංග්ලාදේශය තවදුරටත් 6 බැගින් සම ප්‍රසාද ලකුණු ලබා පළමු හා දෙවැනි ස්ථාන ලබා තිබුණි.

කෙසේ වුවත් මූලික වටයේ වැඩිම ප්‍රසාද ලකුණු ලාභින් දෙදෙනා අතර අගෝස්තු 5 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගය සඳහා ඉන්දියාවට තවත් අවස්ථාවක් ඉතිරිව තිබේ. ඒ අනුව හෙට (31) නේපාලය හා ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත තරගය ජය ගැනීම ඉන්දියාවට තිරණාත්මකය. එහි නේපාලයට හිමි වුවහොත් ඔවුන් නිසැකවම එය අවසන් තරගයට නිර්දේශ ලබා ගැනීම තහවුරු කර ගැනීමකි.

අගෝස්තු 2 වැනිදා බංග්ලාදේශය හා නේපාලය අතරත් එදිනම ඉන්දියාව හා මාලදිවයින අතර පැවැත්වෙන තරගයත් සමග මෙහි මූලික වටය නිමාවට පත්වේ.

 


අදහස් (1)

ඉන්දියාවටත් පැරදුණු ශ්‍රී ලංකාව ගෙදර
  • SSPKosgoda Saturday, 13 August 2022 04:37 PM

    රගර් හින්දා ලංකාවේ පාපන්දු පතුලටම වැටිලා. 1980 මුල්භාගයේ දී අපේ 19න් පහළ මාලදිවයිනට ගිහිල්ලා එහි ජාතික කණ්ඩායමත් පරාද කළා. ලංකාව වගේ රටකට රගර් ගහන්න බෑයි කියලා ලංකාවේ ක්‍රීඩා බලධාරියෝ දන්නේ නෑ...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.