Last Update  :  2025-10-18 18:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඉන්දික - සෝමසිරි මව්බිමට එති

ඉන්දික - සෝමසිරි මව්බිමට එති

editorial - 2025 ඔක් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

( කටුනායක ටී.කේ.ජී. කපිල )

ඉන්දියාවේදී පැවති 2025 "පැරා" ලෝක ශූරතා තරගාවලියට  ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ නුවන් ඉන්දික සහ ප්‍රදීප් සෝමසිරි දෙදෙනා ලෝකඩ පදක්කම් 02 ක් දිනාගැනීමෙන් පසුව අද (7 වැනිදා) ශ්‍රී ලංකාවට පැමිණියහ.  මෙම තරගාවලිය ලෝකයේ රටවල් 100 ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 980 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සැප්තැම්බර් 27 වැනිදා සිට ඔක්තෝබර් 5 වැනිදා දක්වා ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැත්විණ.

එහිදී දුර පැනීමේ ඉසව්ව සදහා සහභාගී වූ නුවන් ඉන්දික මීටර් 6.46 ක දුරක් පනිමින් , ලෝකඩ පදක්කම දිනා ගත්තේය.  මීටර් 1,500 දිවීමේ ඉසව්වට සහභාගී වූ ප්‍රදීප් සෝමසිරි ද ලෝකඩ පදක්කම දිනා ගත්තේය.

මෙම තරගාවලියේදී මීටර් 100 ඉසව්වට සහභාගී වූ ජනනි ධනංජනා ඇයගේ හොදම තරග කාළය වාර්තා කළ අතර දුර පැනීමේ ඉසව්වට සහභාගී වූ බුද්ධික ප්‍රනාන්දු ඔහුගේ හොඳම දක්ෂතාවය පෙන්නුම් කිරීමට ද සමත් වී තිබුණි .

ඔවුන් පිළිගැනීම සදහා ක්‍රීඩා අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් මෙන්ම ශ්‍රී ලංකා පැරා ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .


අදහස් (0)

ඉන්දික - සෝමසිරි මව්බිමට එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.