Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඇසි දිසි ක්‍රිකට් තරගාවලිය හෙට සිට

ඇසි දිසි ක්‍රිකට් තරගාවලිය හෙට සිට

රොෂාන් ගුණරත්න - 2016 සැප් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මාධ්‍ය ආයතන අතර පැවැත්වෙන ‘ඇසි දිසි’ සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය හෙට (30 වැනිදා) සිට ඔක්තෝබර් මස 2 වැනිදා දක්වා කොළඹ තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.


පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය 6 වැනි වරටත් සංවිධානය කරන මෙම තරගාවලිය සඳහා පිරිමි කණ්ඩායම් 32 ක් සහ කාන්තා කණ්ඩායම් 12 ක් සහභාගි වෙති. එහිදී පිරිමි තරගාවලියට ක්‍රීඩකයන් 11 දෙනකු සහභාගි වන කණ්ඩායම් අතරත්  කාන්තා තරගාවලිය ක්‍රීඩිකාවන් 6 දෙනකු සහභාගි වන කණ්ඩායම් අතරත් පැවැත්වේ.


තරගාවලියේ මූලික වටයේ තරග ලීග් ක්‍රමයට අනුව පැවැත්වෙන අතර සෑම තරගයකදීම තරගයේ වීරයාට කුසලාන පිරිනැමේ. ඊට අමතරව දක්ෂතම පිතිකරුවා, දක්ෂතම පන්දුයවන්නා, දක්ෂතම පන්දු රකින්නා, අවසන් තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා සඳහාද කුසලාන පිරිනැමීමට සංවිධායකයෝ සූදානමින් සිටිති.


තරගාවලියේ සමාරම්භක උත්සවය සැප්තැම්බර් මස 30 වැනිදා පෙරවරු 8.30 ට පැවැත්වෙන අතර ත්‍යාග ප්‍රදානෝත්සවය ඔක්තෝබර් මස 2 වැනිදා පැවැත්වේ. ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වීමට නියමිතය.


තරගාවලිය පිළිබඳව වැඩිදුර තොරතුරු 071 4931696 අංකය ඔස්සේ චන්දන ප්‍රදීප් විදානපතිරණ මහතා ඇමතීමෙන් ලබාගත හැකිය.

-036

 


අදහස් (0)

ඇසි දිසි ක්‍රිකට් තරගාවලිය හෙට සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.