Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඇලිස් ආදිත්‍යාගේ ගමනට හරස් වෙයි

ඇලිස් ආදිත්‍යාගේ ගමනට හරස් වෙයි

සංජය එරමුදුගොඩ - 2017 ඔක් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන ඇස්ටෝරියා කාන්තා ටෙනිස් තරාගවලියේ දෙවැනි වටයේ තරගයකදී ශ්‍රී ලංකාවේ ආදිත්‍යා කරුණාරත්නට එරෙහිව වට 2-1 ක ජයක් අත්කර ගැනීමට මහා බ්‍රිතාන්‍යයේ ඇලිස් ගිලෑන් සමත් වූවාය.

කොළඹ ටෙනිස් සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී අද (04 වැනිදා) පැවැති මෙම දෙවැනි වටයේ තරගයේදි පළමු වටය ලකුණු 6/4 ක් ලෙස ජයගනිමින් ඇලිස් ගිලෑන් සාර්ථක ආරම්භයක් ලබාගත්ද, දෙවැනි වටය ලකුණු 6/4 ක් ලෙස ජයගත් ආදිත්‍යා කරුණාරත්න වට 1-1 ක් ලෙස තරගය සම තත්ත්වයට පත් කළාය. කෙසේ වුවත් දෙදෙනාටම තීරණාත්මක වූ තෙවැනි වටය ලකුණු 6/4 ක් ලෙස ජයගත් ඇලිස් ගිලෑන්, වට 2-1 ක් ලෙස සමස්ත තරගයේ ජය තමන් සතුකර ගත්තාය.

මූලික වටයේ තරගයදී කාම්බෝජයේ ඇන්ඩ්‍රියා කා වට 2-0 ක් ලෙස පරාජය කරමින් ආදිත්‍යා තරගාවලියේ දෙවැනි වටයට සුදුසුකම් ලබාගත්තාය. එම තරගයේ පළමු වටය ලකුණු 6-0 ක් ලෙස ජයගැනීමට ආදිත්‍යා සමත් වූ අතර දෙවැනි වටයේදී ලකුණු 3-0 ක් ලෙස ආදිත්‍යා ඉදිරියෙන් සිටියදී ඇන්ඩ්‍රියා තරගයෙන් ඉවත්වීම නිසා ආදිත්‍යාට වට 2-0 ක ජයක් හිමි විය.

මෙම තරගාවලියේ මූලික වටය යටතේ පැවැති තවත් තරගයකදී ඊශ්‍රාලයේ තමාරා බරාද් හමුවේ වට 2-0 ක් ලෙස (6-0, 6-0) පරාජය වීම නිසා ශ්‍රී ලංකා ක්‍රීඩිකා රොෂෙන්කා ප්‍රනාන්දුට තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය.  

ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා රටවල් 16 ක් නියෝජනය කරමින් ක්‍රීඩිකාවෝ 50 ක් පමණ සහභාගි වී සිටිති.

 


අදහස් (0)

ඇලිස් ආදිත්‍යාගේ ගමනට හරස් වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.