ආසියානු කළාපයේ විශාලතම ක‍්‍රීඩා උළෙල වන XVII වැනි ආසියානු ක‍්‍රීඩා උළෙල ලබන සැප්තැම්බර් මස 19 වැනිදා දකුණු කොරියාවේ ඉංචියොන් නුවරදී ආරම්භ වන අතර පුරා දින 16 ක් පැවැත්වෙන ක‍්‍රීඩා උළෙල එක්තෝබර් මස 4 වැනිදා අවසන් වේ.
මෙවර ක‍්‍රීඩා උළෙලට ද ශ්‍රී ලංකාව ඉදිරිපත්වීමේ සූදානමින් පසු වන අතර මේ දක්වා ශ්‍රී ලංකාවෙන් සහභාගි වන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ සංඛ්‍යාවේ අවසන් තීරණයක් ගෙන නොමැත.
ශ්‍රී ලංකාව 1951 වසරේ නවදිල්ලි නුවරදී පැවැති පළමු ආසියානු ක‍්‍රීඩා උළෙලේ සිට මේ දක්වා සියලූම ක‍්‍රීඩා උළෙල සදහා සහභාගි වී තිබේ. චීනයේ ගුවැන්ෂූහිදී 2010 වසරේ පැවැති අවසන් ආසියානු ක‍්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක‍්‍රීඩා 24 කට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 104 ක කණ්ඩායමක් සහභාගි වුවත් එකඳු පදක්කමක්වත් දිනා ගැනීමට නොහැකි වීම කැපී පෙනුණි.
මෙම සියලූ කරුණු පිළිබදව අවධානය යොමු කරමින් මෙවර ක‍්‍රීඩා උළෙලට තෝරාගත් ක‍්‍රීඩා කීපයකට පමණක් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සහභාගි කරවීමට ක‍්‍රීඩා බලධාරීන් තීරණය කර තිබේ.
ආසියානු ඔලිම්පික් සභාව (ඕ.සී.ඒ.) සංවිධානය කරන මෙම දැවැන්ත ක‍්‍රීඩා උළෙලට රටවල් 45 ක් නියෝජනය කරමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 5000 කට අධික සංඛ්‍යාවක් සහභාගිවීමට නියමිතය. මෙවර ක‍්‍රීඩා උළෙලේදී ක‍්‍රීඩා 36 කින් ඉසව් 439 ක් පැවැත්වීමට සැළසුම්කර තිබේ.
ඉංචියොන් ආසියානු ක‍්‍රීඩා උළෙලට ඔලිම්පික් ක‍්‍රීඩා 28 ක් සහ බේස්බෝල්, විස්සයි20 ක‍්‍රිකට්, කබඩි, කරාටේ, ස්කොෂ් සහ වූෂු ඇතුළු සෙසු ක‍්‍රීඩා 8 ක් ද ඇතුළත් වේ.
මෙවර ක‍්‍රීඩා උළෙල වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.62 ක් මුදලක් වැය කරයි. එම දැවැන්ත මුදලින් 19% ක් කොරියානු රජයත්, 78.9% ක් ඉංචියොන් රජයත් දරයි.
මෙම මුදලින් බිලියන 1.39 ක් ක‍්‍රීඩාංගණ සහ ගොඩනැගිලි ඉදිකිරිමට ද, මිලියන 11 ක් පුහුණු ක‍්‍රීඩාංගණ සහ ගොඩනැගිළි ඉදිරිකිරීමට සහ ප‍්‍රතිසංස්කරණය කිරීමට ද, තවත් මිලියන 103 ක් මාර්ග සහ ප‍්‍රවාහන ව්‍යාපෘති වෙනුවෙන් ද, වෙන්කර තිබේ.
මෙවර ක‍්‍රීඩා උළෙලේදී තරග පැවැත්වීමට ක‍්‍රීඩාංගණ 49 ක් සහ ඊට අමතරව පුහුණු පහසුකම් සහිත ක‍්‍රීඩාංගණ 48 ක් ඇතුළුව ක‍්‍රීඩාගංණ 97 ක් සූදානම් කර තිබේ. තරගාවලිය වෙනුවෙන්ම නව දැවැන්ත ක‍්‍රීඩාංගණ 10 ක් ඉදිකර තිබේ.
තරගාවලිය පැවැත්වෙන ප‍්‍රධාන ක‍්‍රීඩාංගණය වන ‘ඉංචියොන් ඒසියාඞ් මේන් ස්ටේඩියම්’ ලෙස හැදින්වෙන දැවැන්ත ක‍්‍රීඩාංගණයේ 61,000 කට අධික පිරිසකට එකවර ආසන පහුසකම් සහිතය.
ලෝකයේ ප‍්‍රධානතම ක‍්‍රීඩා උළෙල වන ඔලිම්පික් මට්ටමට සැළසුම්කර ඇති මෙම ක‍්‍රීඩාංගණය ඉදිකිරීම සදහා ඇමරිකානු ඩොලර් මිලියන 400 ක මුදලක් වැය කර තිබේ.
තරගාවලිය වෙනුවෙන් දැවැන්ත ක‍්‍රීඩා සහ මාධ්‍ය ගම්මානයක් මේ වන විට ඉදිකිරීම් අවසන් කරමින් පවති. ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට සහ මාධ්‍යකරුවන් වෙනුවෙන් ඉදිවන මෙම ක‍්‍රීඩා ගම්මානයේ කාමර 9500 කට අධික නවාතැන් පහසුකම් ද, පුද්ගලයන් 3000 කට අධික සේවක පිරිසකගෙන් ද සමන්විත බව සංවිධාකයෝ පවසති.
දැවැන්ත ක‍්‍රීඩා උළෙල සංවිධානයට ආසියානු කළාපයෙන් ප‍්‍රසිද්ධියක් උසුළන දකුණු කොරියාව 2007 වසරේ අපේ‍්‍රල් මස 17 වැනිදා කුවේට්හිදී පැවැති ඡන්ද විමසීමේදී ඉන්දියාවේ දිල්ලි නුවර පරාජය කරමින් තෙවැනි වරට ආසියානු ක‍්‍රීඩා සත්කාරත්වය දිනාගත්තේය. එහිදී ‘ඉංදියොන්’ ඡන්ද 32 ක් ද, ‘දිල්ලි’ ඡන්ද 13 ක් ද, ලබා ගත්තයේ.
දකුණු කොරියාවේදී පළමු ආසියානු ක‍්‍රීඩා උළෙල 1986 වසරේ ‘සෝල්’ නුවරදී ද, දෙවැන්න 2002 වසරේ බූසාන් නුවරදී පැවැත්විණි.
ආසියානු ක‍්‍රීඩා උළෙල ඉතිහාසයේ ප‍්‍රබලයා නාමය රැකගෙන සිටින චීනය මෙවර ක‍්‍රීඩා උළෙලට ක‍්‍රීඩා 32 කින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 899 ක් සහභාගි කරවීමට සූදානමින් සිටියි.
සත්කාර දකුණු කොරියාව ක‍්‍රීඩා 32 කින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 8312 ක් සහ ප‍්‍රබල ජපානය ක‍්‍රීඩා 32 කින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 717 ක් ක‍්‍රීඩා උළෙලට සහභාගි කරවීමට සූදානමින් පසු වෙයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.