කොළඹ ආනන්ද විදුහල සහ යාපනය හින්දු විද්‍යාලය අතර 5 වැනි වරටත් සංවිධානය කරන ‘සිවගුරුනාදන් අනුස්මරණ කුසලාන’ ක‍්‍රිකට් තරගය මැයි මස 1 වැනිදා කොළඹ නාලන්දා විද්‍යාලයීය ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
පසුගිය වසර හතරේදීම දෙදින තරගයක් ලෙස ක‍්‍රියාත්මක වු මෙම තරගය මෙවර සීමිත ඕවර තරගයක් ලෙස පැවැත්වෙන බැවින් ඉනිමක් ඕවර 50 කට සීමාවේ. පසුගිය වසරේ යාපනයේ පැවැති දෙවිදුහල් අතර තරගයෙන් ආනන්ද විදුහල් කණ්ඩායම ජය ලැබීය.
යාපනය හින්දු විදුහලේ ආදී ශිෂ්‍යයකු මෙන්ම කොළඹ ආනන්ද විදුහලේ ගුරුවරයකු වු වී. ටී. එස්. සිවගුරුනාදන් මහතාට උපහාර පිණිස මෙම තරගය සංවිධානය කෙරේ.
නිසල් ෆ‍්‍රැන්සිස්කෝ ආනන්ද විදුහල් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන අතර එම්. තුවාරකන් හින්දු විද්‍යාලයීය කණ්ඩායමේ නායකයායි.
යාපනය හින්දු විදුහලේ ආදී ශිෂ්‍යයකු වන අගවිනිසුරු කේ. ශ්‍රී. පවන් මහතා මෙම තරගයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගිවේ.
කොළඹ ආනන්ද විදුහල් කණ්ඩායම
යාපනය හින්දු විද්‍යාලයීය කණ්ඩායම
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.