අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ පෙර අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය ඊයේ (12 වැනිදා) සමත්විය.
කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලීය ක්‍රීඩාංගණයේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමේ තරගයකදී යාපනය හින්දු විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබාගැනීමට කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය සමත්විය.
කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ හිරූෂ පියුමාල් (82 සහ 52) අර්ධ ශතක ලබාගනිමින් ඉනිම දෙකෙදීම පිත්තෙන් දස්කම් දැක්වීය.
ආනන්ද ශාස්ත්‍රාලය - පළමු ඉනිම - ඕවර 75.2 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 328
(හිරූෂ පියුමාල් 82, ඉසුරු අවින්ද 61, අවිෂ්ක දිල්ෂාන් 34, ඒ.හසීම් 33, හසිත් හංසිඳු 30, අබිලාෂ් දිනකර 25, රේනුක් හෙට්ටිආරච්චී 21, එම්.කෝබීරාම් 112/4, එස්.පිරුන්තාබන් 21/2, කේ.කොමෙයින්තන් 42/2)
හින්දු විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 54.4 කදී සියලුදෙනා දැවී ලකුණු 239
(එස්.තනුෂාන් 27, එන්.අයින්ග්‍රාන් නොදැවී 26, කේ.කොමෙයින්තන් 25, එම්.කෝබීරාම් 22, වෙනුක් හෙට්ටිආරච්චී 37/4, කවිඳු මිහිරංග 23/2, අවිෂ්ක දිල්ෂාන් 28/2 )
ආනන්ද ශාස්ත්‍රාලය දෙවැනි ඉනිම - ඕවර 56 කදී සියලුදෙනා දැවී ලකුණු 239
(හිරූෂ පියුමාල් 52, දුලංජ පෙරේරා 43, දනජ එදිරිසිංහ 25, මෙනුක් හේට්ටිආරච්චී 22, ඉසුරු අවින්ද 22, ටී.කජනාත් 55/4, එම්.කෝබීරාම් 93/3)
හින්දු විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 10 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 63
(කේ.කොමෙයින්තන් 22, මෙනුක් හෙට්ටිආරච්චී 34/2, කවිඳු මිහිරාන් 29/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.