නුගේගොඩ ජේ.ජේ. පදනම සංවිධානය කරන ආධුනික කැරම් ශුරතාවලිය දෙසැම්බර් මස 1 වැනිදා සහ 2 වැනිදා කොහුවල ශ්‍රී ලංකා කැරම් සම්මේලන මුලස්ථානයේදී පැවැත්වේ.
මෙම ශුරතාවලිය ආධුනික කැරම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා පමණක් විවෘත වන අතර ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ ශ්‍රේණිගත කැරම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙම තරගාවලිය සඳහා සහභාගී විය නොහැකිය.
එහිදී පිරිමි කේවල සහ කාන්තා කේවල වශයෙන් තරග ඉසව් දෙකක් යටතේ පමණක් තරග පැවැත්වෙන අතර කැරම් ක්‍රීඩාවට උනන්දුවක් දක්වන දිවයිනේ ඕනෑම ප්‍රදේශයක ආධුනික කැරම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙම ශුරතාවලිය සඳහා සහභාගි විය හැකිය.
මෙම තරගාවලියේදී අර්ධ අවසන් පූර්ව තරගවල සිට සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ත්‍යාග සහ සහතිකපත් පිරිනැමෙන අතර ශූරතා සඳහා කුසලානවලට අමතරව මුදල් තෑගි පිරිනැමීමටද සංවිධායක මණ්ඩලය බලාපොරොත්තු වෙයි.
තරගාවලියට සහභාගි වීමට අවශ්‍ය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කොහුවල සුනේත්රාදේවී පාරේ, අංක 25 දරණ ස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා කැරම් සම්මේලන මුලස්ථානයෙන් අයදුම්පත් ලබාගත හැකිය. අයදුම් පත් බාර ගැනීම මේ මස 20 වැනිදා අවසන් වන අතර, තරග අනුපිළිවෙළ සකස් කිරීම 25 වෙනිදා සිදු කෙරේ.
සියලුම තරග ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ අනුමත නීති රීති වලට අනුකූලව පැවැත්වෙන අතර 071 813 0817 (ප්‍රසන්න) හෝ 070 248 4828 (රොහාන්) යන දුරකනත අංක ඔස්සේ තරගාවලිය පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.