Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය සංවිධානය කරන ආධුනික බැඩ්මින්ටන් ශූරතාවලිය මෙම මස 28 වැනිදා සිට ඔක්තෝබර් මස 2 වැනිදා දක්වා රත්නපුර නගරය කේන්ද්‍ර කරමින් ස්ථාන 3 කදී පැවැත්වේ. දින 5 ක් පුරා පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව පුරා යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල සංඛ්‍යාවක් සහභාගි වීමට නියමිතය.
මෙම තරගාවලිය සඳහා කලාපීය සංවර්ධන කමිටුවේ සහ සබරගමුව පළාත් බැඩ්මින්ටන් සංගමයේ පූර්ණ සහයෝගය ලැබී ඇති අතර තරගාවලිය කුරුවිට දේශබන්දු ලුතිනන් කර්නල් ඩබ්ලිව් විමලදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී, සබරගමුව පළාත් ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයේදී සහ සීවලී විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මෙම තරගාවලියට අවුරුදු 19 න් පහළ, 17 න් පහළ, 15 න් පහළ, 13 න් පහළ සහ අවුරුදු 11 න් පහළ වයස් කාණ්ඩවල තරග ඇතුළත් වේ. එහිදී 13 න් පහළ සහ අවුරුදු 11 න් පහළ වයස් කාණ්ඩ සඳහා කේවල සහ යුගල තරග පැවැත්වෙන අතර අවුරුදු 19 න් පහළ, 17 න් පහළ, 15 න් පහළ වයස් කාණ්ඩ සඳහා කේවල, යුගල සහ මිශ්‍ර යුගල තරග පැවැත්වේ.
මූලික වටයේ තරග මෙම මස 30 වැනිදා දක්වා පැවැත්වෙන අතර පිළිමලුන් පිටුදැකීමේ අර්ධ අවසන් පූර්ව, අවසන් පූර්ව තරග ඔක්තෝබර් මස 1 වැනිදා පැවැත්වීමට නියමිතය. අවසන් මහා තරග සහ ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැත්වීමට නියමිතව ඇත්තේ ඔක්තෝබර් මස 2 වැනිදාය. තරගාවලියේ සියලු තරග ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ නීතිරීතිවලට අනුව පැවැත්වේ.
මොබිල්, සන්කුයික් සහ ලීනිං යන සමාගම් මෙම තරගාවලියේ අනුග්‍රාහකයන් ලෙස කටයුතු කරයි.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.