Last Update  :  2025-09-08 14:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අශේන් බණ්ඩාරගෙන් ද්විත්ව ශතකයක්

අශේන් බණ්ඩාරගෙන් ද්විත්ව ශතකයක්

රොෂාන් ගුණරත්න - 2016 ඔක් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ තරගයකදී අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබාගැනීමට ගාල්ල ශා. ඇලවිෂියස් විද්‍යාලය ඊයේ (19 වැනිදා) සමත්විය. මෙම තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.


ගාල්ල ශා. ඇලවිෂියස් විද්‍යාලයේ අශේන් බණ්ඩාර විසින් පන්දු 197 කදී හතරේ පහර 26 ක් සමගින් නොදැවී ලකුණු 200 ක් රැස්කිරීමට සමත්වූ අතර ඔහුට අනගි සහයක් ලබාදුන් නවිදු නිර්මාල් ලකුණු 105 ක් ලබාගත්තේය. පන්දු 179 කට මුහුණදුන් නවිදු නිර්මාල්ගේ ඉනිමට හතරේ පහර හයක් සහ හයේ පහරක් ඇතුළත් විය.


අශේන් බණ්ඩාර සහ නවිදු නිර්මාල් එක්ව තෙවැනි කඩුල්ල සදහා ලකුණු 276 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට සමත්වූහ.

 

අනුරාධපුර ම.ම. විද්‍යාලය- පළමු ඉනිම - ඕවර 69.1 කදී සියලුදෙනා දැවී ලකුණු 186
(ළහිරු ලියනගේ 54, හේෂාන් සෙනිර 43, හරීන් වීරසිංහ 70/6, නිදුක මල්ශිත් 24/3)


ශා. ඇලවිෂියස් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 82.3 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 355
(අශේන් බණ්ඩාර නොදැවී 200, නවිදු නිර්මාල් 105)


අනුරාධපුර ම.ම. විද්‍යාලය- දෙවන ඉනිම - ඕවර 12.5 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 31
(හරීන් වීරසිංහ 18/2)


අදහස් (0)

අශේන් බණ්ඩාරගෙන් ද්විත්ව ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.