නිශාන්ත රණතුංග මහතා ක්‍රිකට් නිලවරණයට තරග කිරීම නිසා අර්ජුන රණතුංග මහතාට ක්‍රීඩා ඇමති ධූරය ලබාදීම සදාචාරාත්මක නොවන බවත් ඒ මහතාට ක්‍රීඩා ඇමති ධුරයට ලබානොදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බවත් තනතුරු හතරකට නාමයෝජනා ඉදිරිපත් කර තිබෙන ශම්මි සිල්වා මහතා අද (17) පැවසීය.
“අර්ජුන ක්‍රීඩා ඇමති කළොත් පුහුණුකරු නැවත යන්න පුළුවන්. ඒ වගේම අපි දන්නවා ඔහු ලසිත් මාලිංගට සැළකුවේ කොහොමද කියලා. එහෙම වුණොත් ක්‍රීඩකයන් කීපදෙනකු ද යන්න පුළුවන්” යැයි ශම්මි මහතා වැඩි දුරටත් පැවසීය.
ඡායාරූපය - ළහිරු හර්ෂණ
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.