ඉන්දීය මහ මැතිවරණය පැවැත්වෙන හෙයින් ලබන වසරේදී පැවැත්වීමට නියමිත අයි. පී. එල්. තරගාවලියේ තරග 12 ක් ශී‍්‍ර ලංකාවේදී පැවැත්වීමට ඉන්දීය කි‍්‍රකට් බලධාරීන් බලාපොරොත්තු වන බව වාර්තාවේ. ඒ සඳහා දැනටමත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ අනුමැතිය ඉල්ලා ඇති අතර එම තරග ශී‍්‍ර ලංකාවේ පැවැත්වීම වෙනුවෙන් සත්කාරක මුදලක් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට ගෙවීමටද ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලය සූදානම් බවද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රකාශකයෙන් පැවසීය.
”මුදල්ම නෙමෙයි. ලබන අවුරුද්දේ ශී‍්‍ර ලංකාවේ අන්තර්ජාතික තරග අඩු නිසා ඉන්දීය කණ්ඩායම තරගාවලියක් සඳහා ශී‍්‍ර ලංකාවට ගෙන්වාගන්න අපි උත්සාහ කරනවා” යයිද එම නිලධාරියා ඊයේ (20 වැනිදා) රාති‍්‍රයේ පැවසීය. ඉන්දීය පිල ශී‍්‍ර ලංකාවේ සංචාරය නොකරන්නේ නම් එක තරගයක් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 50,000 කට ආසන්න මුදලක් සත්කාරක ගාස්තු වශයෙන් ගෙවීමට ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලය බලාපොරොත්තු වන බවද කියැවේ.
ශී‍්‍ර ලංකා - බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය, විස්සයි/20 ලෝක කුසලාන තරගාවලිය සහ ආසියානු කුසලාන තරගාවලිය ඇතුළු කි‍්‍රකට් තරගාවලි ගණනාවක්ම බංග්ලාදේයේ පැවැත්වෙන හෙයින් අයි. පී. එල්. තරග බංග්ලාදේශයේදී පැවැත්වීමේ හැකියාවක් නැතැයිද දැනගන්නට ඇත.
වරක් අයි. පී. එල්. තරගාවලිය දකුණු අපි‍්‍රකාවේ පැවැත්වූ නමුත් ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලය සහ දකුණු අපි‍්‍රකානු කි‍්‍රකට් පාලක මණ්ඩලය අතර දැනට ඇතිවී තිබෙන ගැටුම්කාරී තත්ත්වය නිසා එය දකුණු අපි‍්‍රකාවේත්, අධික උණුසුම මෙන්ම සංස්කෘතික හේතු නිසා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේත් මෙම තරගාවලිය පැවැත්වීමේ අවස්ථාවක් නැති බවද දැනගන්නට ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.