ශ්‍රී ලංකා පාසල් කරාටේ දෝ සංගමය, අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව සංවිධානය කරන කරාටේ තරගාවලිය මේ මස 22- වැනිදා සිට 24 වැනිදා දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. සියලුම තරග පෙරවරු 8.30 සිට ආරම්භ වේ.
මෙම තරගාවලිය වයස 15 න් පහළ, 17 න් පහළ සහ 19 න් පහළ වයස් කාණ්ඩවල කාතා සහ කුමිතේ යන ඉසව්වලින් සමන්විතය.
අයැදුම්පත් මේ වන විට පුහුණුකරුවන් සහ පාසල් වෙත යොමු කර ඇති අතර සම්පූර්ණ කරන කළ අයැදුම්පත් මේ මස 15 දිනට පෙර ලේකම්, ශ්‍රී ලංකා පාසල් කරාටේ දෝ සංගමය, විද්‍යාලෝක විද්‍යාලය, කඩවත ලිපියනට යොමු කළ යුතුය.
තරගාවලිය පිළිබඳ වැඩි විස්තර 0718426789 දුරකතන අංකයෙන් ලබාගත හැකි බව ශ්‍රී ලංකා පාසල් කරාටේ දෝ සංගමයේ ලේකම් අරුණ ශාන්ත මහතා පැවැසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.