Last Update  :  2024-04-27 10:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අපේ තරම දැනගන්න හොඳ අවස්ථාවක්

අපේ තරම දැනගන්න හොඳ අවස්ථාවක්

editorial - 2024 මාර් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් ජාතික සම්මේලන (ෆීෆා) ශ්‍රී ලංකා කලාප පාපන්දු තරගාවලිය අද (22) කොළඹ රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණ පිටියේදී පස්වරු 3.30ට පැවැත්වෙන මධ්‍යම අප්‍රිකානු ජනරජය හා භූතානය අතර තරගයෙන් ආරම්භවේ.

සත්කාරක ශ්‍රී ලංකාව අද රාත්‍රි 8.45ට පැපුවා නිව්ගිණියාව සමග පැවැත්වෙන තරගයෙන් මෙම තරගාවලියට සහභාගිවීම ආරම්භ කරයි. ඊයේ (21) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ නායක සුජාන් පෙරේරා පැවසුවේ ෆීෆා කලාප තරගාවලිය ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ වත්මන් තත්වය උරගා බැලීමට ලැබෙන හොඳම අවස්ථාවක් වන බවයි.

එහිදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු ලබා දෙමින් සුජාන් පෙරේරා මෙසේද පැවසීය.

‘‘අපේ සංචිතයට විදේශයන්වලින් ගෙන්වා ගත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 14 දෙනකු ඇතුළත් වෙනවා. එය ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබුණු විශාල ශක්තියක්. ඔවුන්ගෙන් තිදෙනකු තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායමට නිර්දේශවේදැයි කියන්න මේ මොහොතේ පුළුවන්කමක් නෑ.

අද අප ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් හි 205 තරම් පහළ මට්ටමකට වැටී තිබෙනවා. මේ තත්වයෙන් අප උඩට ආ යුතුයි. මේ තරගාවලියෙන් අපේ කණ්ඩායමේ අද ඉන්න තැන කිරා මැන බලන්න ලැබෙන අවස්ථාවක් කියාල මම හිතනවා.’’

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ස්කොට්ලන්ත ජාතික ඇන්ඩි මොරිසන් මහතා පැවසුවේ සති පහක් තරම් වන පුහුණු කාලයක් ගත කරමින් අද පිටියට පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායම වඩාත් හොඳ මට්ටමක පසුවන බවයි.

ජාතික පාපන්දු කණ්ඩායම 2023 ඔක්තෝබර් 17 වැනිදා යේමනය සමග පැවති ලෝක කුසලාන පූර්ව සුදුසුකම් (2026) වටයේ තරගයෙන් පසුව ජාත්‍යන්තර තරගයකට සහභාගි වන පළමු අවස්ථාව අද තරගයයි.

2023 වසරේ දී පමණක් පැපුවා නිව්ගිණියාව අන්තර් ජාතික පාපන්දු තරග 10කට සහභාගි වී තරග දෙකක් ජයගෙන අටක් පරාජය වී සෙසු තරග තුන ජය පරාජයෙන් තොරව අවසන් කර ඇත. ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව 204 වැනි ස්ථානය ද පැපුවා නිව්ගිනියාව 165 වැනි ස්ථානයේ ද පසුවේ.

ශ්‍රී ලංකා කලාප තරගාවලියට සහභාගි වන කණ්ඩායම් හතරේ පුහුණුකරුවන් හා කණ්ඩායම් නායකයන්ගේ සහභාගිත්වයෙන් ඊයේ මාධ්‍ය හමුව පැවැත්විණි.


අදහස් (0)

අපේ තරම දැනගන්න හොඳ අවස්ථාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.