Last Update  :  2026-01-22 18:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් ලීගයේ පළඟ වටය හෙට ඇරඹේ

අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් ලීගයේ පළඟ වටය හෙට ඇරඹේ

editorial - 2026 ජන මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ පළඟ වටය හෙට (23 වැනිදා) ආරම්භ වේ. මූලික වටය අවසානයේ ‘ඒ’ සහ ‘බී’ කාණඩවල අවසන් ස්ථාන 3 ට පත්වූ කණ්ඩායම් 6 පළඟ වටය යටතේ තරග වදිනු ඇත. 

‘ඒ’ කාණ්ඩයේ 5 වැනි, 6 වැනි සහ 7 වැනි ස්ථානවලට පත්වූ පානදුර, නුගේගොඩ සහ හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජත්, ‘බී’ කාණ්ඩයේ 5 වැනි, 6 වැනි සහ 7 වැනි ස්ථානවලට පත්වූ බදුරලිය, ද්‍රවිඩ සංගම් සහ කුරුණෑගල යොවුන් ක්‍රීඩා සමාජත් පළඟ වටය යටතේ ක්‍රීඩා කරනු ඇත. 
මෙම ක්‍රීඩා සමාජ අතරින් පානදුර, නුගේගොඩ සහ බදුරලිය යන ක්‍රීඩා සමාජ මූලික වටයේදී තරගය බැගින් ජයගැනීමට සමත් වුවද, මුලික වටය පුරා ක්‍රීඩා කළ තරගවලදී ලබාගත් ලකුණු සංඛ්‍යාවන් අනුව ඔවුන්ට පළඟ වටය යටතේ තරග වැදීමට සිදුව තිබේ.  

හෙට ආරම්භ වන තරගවලදී පානදුර ක්‍රීඩා සමාජය සහ කුරුණෑගල යොවුන් ක්‍රීඩා සමාජය මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදීත්, නුගේගොඩ ක්‍රීඩා සමාජය සහ බදුරලිය ක්‍රීඩා සමාජය කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේදීත්, හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය සහ ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීත් තරග බිමට පිවිසෙනු ඇත. 

පළඟ වටයේ තවත් තරග 6 ක් ඉදිරි සති අන්ත දෙකේදී පැවැත්වෙන අතර එම තරග නිමාවට පත්වන විට ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම තරගාවලියේ පළඟ ශූරතාව දිනාගන්නා කණ්ඩායම බවට පත්වනු ඇත. 

 


අදහස් (0)

අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් ලීගයේ පළඟ වටය හෙට ඇරඹේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.