Last Update  :  2025-09-17 19:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අතිශූර ක්‍රීඩිකාව සම්මානය පද්මාට

අතිශූර ක්‍රීඩිකාව සම්මානය පද්මාට

editorial - 2025 සැප් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහ විදුහලේ වර්ණ සම්මාන ප්‍රදානෝත්සවය (2023 - 24) කළගෙඩිහේනේ රෝයල් චාන්ස් ප්ලේස් උත්සව ශාලාවේදී පැවැත්වුණි.

එහිදී වසර 2023 හා 2024 යන වසර වලදී ක්‍රීඩා දක්ෂතා දැක්වූ විදුහලේ සිසු සිසුවියෝ 200 දෙනෙක් ඇගයීමට ලක්  වූහ.  බණ්ඩාරනායක මධ්‍ය මහ විදුහල වෙතින් එදා මෙදා තුර බිහිවූ විශිෂ්ටතම ක්‍රීඩිකාවක් වන ජාත්‍යන්තර ත්‍රෝ බෝල් විනිසුරු පද්මා කරුණාරත්න මහත්මිය ක්‍රීඩා නියෝජ්‍ය ඇමැති සුගත් තිලකරත්න මහතා අතින් අතිශූර ක්‍රීඩිකා සම්මානය ලබා ගත් අයුරු.

විශේෂ ආරාධිත අමුත්තා වූ ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ, විදුහල්පති ඩී.එච්.එස්.ඩී.සෝමරත්න, සහය විදුහල්පති කපිතාන් අසංක රණසිංහ යන මහත්වරුද මෙහි වෙති. එහිදී අතිශූර (පිරිමි) කාණ්ඩයේ සම්මානය හිමි වූයේ කේ.එන්. ආරියසිංහටය.


අදහස් (0)

අතිශූර ක්‍රීඩිකාව සම්මානය පද්මාට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.