Last Update  :  2025-12-19 17:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අචින්ත දේෂාන්ගෙන් තුන් ඉරියව් දස්කම්

අචින්ත දේෂාන්ගෙන් තුන් ඉරියව් දස්කම්

Nisanka Sandeepani - 2018 ජුනි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල සහ වෙන්නප්පුව ශාන්ත ජෝෂප් වාස් විදුහල අතර ගම්පොල වික්‍රමබාහු මැදි විදුහල්  ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ශාන්ත ජෝෂප් වාස් විදුහල සමත් විය. 

එහිදී පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දස්කම් දැක්වූ ශාන්ත ජෝෂප් වාස් විදුහලේ අචින්ත දේෂාන් ලකුණු 167 ක් රැස්කරමින් ලකුණු 33 කට කඩුලු 5 ක්ද දවාගත්තේය. 

ශාන්ත සිල්වෙස්ටර් විදුහල් පළමු ඉනිම - ඕවර 39 කදී සියලු දෙනා දැවී 97 
(දහමි වෙලගෙදර 34, අචින්ත දේශාන් 33/5, කාවින්ද ලියනපතිරන 14/3, විෂ්ව රාජපක්ෂ 3/2) 

ශාන්ත ජෝෂප් වාස් විදුහල් පළමු ඉනිම - ඕවර 51.2 කදී කඩුලු 8 ක් දැවී 322 
(අචින්ත දේෂාන් 167, භානුක ජයමාන්න 33, නෙත්මාල් ද සොයිසා 20, ඉඳුවර වික්‍රමසිංහ 28/2, ශෂික බස්නායක 67/2) 

 


අදහස් (0)

අචින්ත දේෂාන්ගෙන් තුන් ඉරියව් දස්කම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.