Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අයි.පී.එල්. තරගාවලිය ආරම්භ වීමට දින හයක් තිබියදී, දිල්ලි කැපිටල්ස් පිලේ තුන් ඉරියව් ක්‍රීඩක ඇක්සාර් පතෙල්ට කොරෝනා වයිරසය අසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. අයි.පී.එල්. තරගාවලිය අත පොවන මායිමට පැමිණ තිබියදී කොරෝනා වයිරසයට ගොදුරු වූ දෙවැනි ක්‍රීඩකයා අක්ෂර් පතෙල්ය.
කොල්කටා නයිට් රයිඩර්ස් පිතිකරු නිතිෂ් රානාද මේ වන විට කොරොනා වයිරසයට ගොදුරුවීම නිසා හුදෙකළාව සිටී.
“මාර්තු 28 වන දින මුම්බායිහි සිය කණ්ඩායම සිටින හෝටලයට ඔහු ඇතුළු වී ඇත්තේ කොරෝනා වයිරසය අසාදනය වී නැතැයි කියැවෙන පරීක්‍ෂණ වාර්තාවක් සමගිනි. එහෙත් ඔහුගේ දෙවැනි වාර්තාව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ධනාත්මක වී තිබේ.... ඔහු මේ වන විට විශේෂිත වෛද්‍ය මධ්‍යස්ථානයක හුදෙකලා වී සිටිනවා” යයි දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නියමයන්ට අනුව ඇක්සර්ට මෙන්ම නිතිෂ් රානාටද ජෛව බුබුලෙන් පිටත හුදෙකලා වීමට සිදුවනු ඇත.
ඔවුන්ට තම කණ්ඩායමේ සාමාජිකයන් සමඟ එක්වීමට ඉඩ දෙන්නේ මීළඟ පරීක්‍ෂණ වලින් කොරෝනා වයිරසය අසාදනය වී නැතැයි හෝ ඔවුන් එම තත්ත්වයෙන් සම්පූර්ණ සුවය ලබා ඇතැයි තහවුරු වුවහොත් පමණි.
“පුද්ගලයා දින 10 ක් හුදකලාව විවේක ගත යුතු අතර කිසිදු ව්‍යායාමයකින් වැළකී සිටිය යුතුය. කණ්ඩායම් වෛද්‍යවරයා නිරන්තරයෙන් ඔහුගේ තත්ත්වය නිරීක්ෂණය කළ යුතුය. හුදකලාව සිටින කාලය තුළ රෝග ලක්ෂණ නරක අතට හැරේ නම්, එම පුද්ගලයා වහාම රෝහල් ගත කළ යුතුය.” යනුවෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද සම්මත මෙහෙයුම් නියමයන්හි සටහන් වේ.
වසර දෙකකට ඉහතදී පැවැති අයි.පී.එල්. වෙන්දේසියේදී අක්ෂර් පතෙල් දිල්ලි කැපිටල්ස් පිලට එක් වූයේ රුපියල් කෝටි 5 කටය. එතැන් පටන් ඔහු කණ්ඩායමේ ස්ථානය තහවුරු කර ඇති අතර 2019 දී තරඟ 14 කට සහ 2020 දී තරග 15 කට ඔහු ක්‍රීඩා කර තිබේ.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.