Last Update  :  2025-02-12 14:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශෙනුක් - නෙත්මි ශූරතා දිනති
උතුරු පළාත් බැඩ්මින්ටන් තරගාවලිය

ශෙනුක් - නෙත්මි ශූරතා දිනති

editorial - 2025 ජන මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ අධීක්ෂණය යටතේ උතුරු පළාත් බැඩ්මින්ටන් සංගමය සංවිධානය කළ උතුරු පළාත් සමස්ත ලංකා විවෘත ශ්‍රේණිගත කිරීමේ බැඩ්මින්ටන් තරගාවලියේ විවෘත පිරිමි කේවල ශූරතාව දිනා ගැනීමට ශෙනුක් සමරරත්න සමත් විය. එහි කාන්තා ශූරතාව දිනාගනු ලැබුවේ නෙත්මි රත්නායක විසිනි. 

ඕමන්තේ වවුනියා දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති මෙම තරගාවලියේ පිරිමි කේවල අවසන් තරගයේදී වට 2-0 ක් ලෙස තිළිණ රාජකරුණා පරාජය කිරීමට ශෙනුක් සමත් විය. නෙත්මි කාන්තා කේවල ශූරතාව අවසන් තරගයේදී වට 2-0 ක් ලෙස සිතුලි රණසිංහ පරාජය කරමිනි. 

ඔෂාමික කරුණාරත්න සහ තුලිත් පල්ලියගුරු වට 2-1 කින් පරාජය කළ බුවනෙක ගුණතිලක සහ ජේසන් හෝමර් පිරිමි යුගල ශූරතාව දිනාගත් අතර ඉසුරි අත්තනායක සහ සිතුමි ද සිල්වා කාන්තා යුගල ශූරතාව දිනාගත්තේ වට 2-0 කින් ජනනුවනි ද අල්විස් සහ නිලාෂි බාලසූරිය පරාජය කරමිනි. වට 2-0 ක් ලෙස මධුක දුලාංජන සහ අනුරංගි හංසමාලි පරාජය කළ තුලිත් පල්ලියගුරු සහ පංචාලි අධිකාරි මිශ්‍ර යුගල ශූරතාවට හිමිකම් කීහ. 

කුසලාන සහ සහතිකපත්වලට අමතරව ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් අතරේ රුපියල් හත් ලක්ෂ පනස් දහසක මුදලක් ත්‍යාග වශයෙන් බෙදා දීමට තරගාවලියේ සංවිධායකයෝ පියවර ගෙන තිබූ අතර මැක්ෆොයිල්, මොබිල්, ජී.ඒ.සී., ලී නිං සහ 3එම් යන සමාගම් සහ ආයතන තරගාවලියේ අනුග්‍රාහකයන් ලෙස කටයුතු කළේය. 


තරග ප්‍රතිඵල 

පිරිමි කේවල 
ශෙනුක් සමරරත්න විසින් වට 2-0 ක් ලෙස තිළිණ රාජකරුණා පරාජය කරන ලදි. (21/19, 21/18)

කාන්තා කේවල 
නෙත්මි රත්නායක විසින් වට 2-0 ක් ලෙස සිතුලි රණසිංහ පරාජය කරන ලදි. (21-14, 22-20)

පිරිමි යුගල 
බුවනෙක ගුණතිලක සහ ජේසන් හෝමර් විසින් වට 2-1 ක් ලෙස ඔෂාමික කරුණාරත්න සහ තුලිත් පල්ලියගුරු පරාජය කරන ලදහ. (12/21, 21/16, 21/12)

කාන්තා යුගල  
ඉසුරි අත්තනායක සහ සිතුමි ද සිල්වා විසින් වට 2-0 ක් ලෙස ජනනුවනි ද අල්විස් සහ නිලාෂි බාලසූරිය පරාජය කරන ලදහ. (21/19, 21/14) 

මිශ්‍ර යුගල 
තුලිත් පල්ලියගුරු සහ පංචාලි අධිකාරි විසින් වට 2-0 ක් ලෙස මධුක දුලාංජන සහ අනුරංගි හංසමාලි පරාජය කරන ලදහ. (21/16, 21/16)

 

ශෙනුක් සමරරත්න 

 

නෙත්මි රත්නායක


අදහස් (0)

ශෙනුක් - නෙත්මි ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.