Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
මීගමුව වෙරළ උද්‍යාන තීරයේදී අද (24) පෙරවරු 8 ට ආරම්භ වූ මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් තරග මාලාවේදී සත්කාරක ශ්‍රී ලංකාව පෙරවරු 9 සිට තරග වැදීම ආරම්භ විය.
රටවල් හයක කාන්තා හා පිරිමි කණ්ඩායම් ඊට එක්ව සිටින අතර ශ්‍රී ලංකාව කාන්තා හා පිරිමි කණ්ඩායම් තුන බැගින් තරගමාලාවට ඉදිරිපත් කර සිටියි.ඒ අනුව ශ්‍රී ලංකාව අද පෙරවරු 9 සිට තරග වැදීමේදී කාන්තා ඉසව්වෙන් අංක - 3 කණ්ඩායම තරග වදියි.එම වේලාවටම පිරිමි ඉසව්වේදී ශ්‍රී ලංකා අංක - 3 කණ්ඩායම තරග වැදීම ආරම්භ කරයි.
අද තරගමාලාවේ ආරම්භක දිනයේදී ශ්‍රී ලංකාව පිරිමි ඉසව්වේදී මාලදිවයින, ඉරානය, භූතානය, කසකස්ථානය, සමග තරග වදියි. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම් තුනක් තරග වැදීමේදී අද එක් තරගයක් ශ්‍රී ලංකා අංක - 2 හා අංක - 3 අතරද පැවැත්වේ.
අද ආරම්භ වන මූලික වටයේදී ශ්‍රී ලංකාව කාන්තා ඉසව්වේදී සිය කණ්ඩායම් තුනම ඉහත රටවල කණ්ඩායම් සමග තරග වදියි.එහිදීත් ශ්‍රී ලංකා කණ්ඩායම් ප්‍රතිවාදිනියන් ලෙස එක් තරගයකදී මුණ ගැසේ. මූලික වටයේ තරග හෙටත් (25) මේ ආකාරයටම පැවැත්වේ.
එහිදී කාන්තා හා පිරිමි ඉසව්හි අවසන් පූර්ව තරග වටය ඉරිදා (26) පෙරවරුවේදී පැවැත්වේ. කාන්තා අවසන් මහ තරගය ඉරිදා පෙරවරුවේදී ආරම්භ වේ. එදින පස්වරු 3 ට ඩොලර් 1500 ක ත්‍යාගයක් ප්‍රදානය කෙරෙන කාන්තා අවසන් මහ තරගය පැවැත්වේ.
ඉරිදා පස්වරු 4 ට එවැනිම ත්‍යාග මුදලක් ප්‍රදානය කෙරෙන පිරිමි අවසන් මහ තරගය තරගමාලාවේ නිමාවයි.මෙහි කාන්තා හා පිරිමි ජයග්‍රාහී කණ්ඩායම් දෙකම මෙම වසරේදීම තායිලන්තයේදී පැවැත්වෙන ආසියානු වෙරළ වොලිබෝල් කාන්තා හා පිරිමි තරගමාලාවේදී මධ්‍යම ආසියානු කලාපයෙන් නිර්දේශ වීමේ අවස්ථාව හිමිවේ.
මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සංවිධානය කරන මෙම තරගමාලාව සදහා රුපියල් මිලියන නවයක් වැය වන බව මෙම සම්මේලන දෙකේම ප්‍රධාන ලේකම් ධුරය දරන ඒ. එස්. නාලක මහතා පවසයි.
කෙසේවූවත් ඒ සදහා අපේක්ෂා කළ පරිදි ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අනුග්‍රාහයක් ඊයේ (23) රාත්‍රීය වන තෙක් ලැබී නොතිබූ බවද වාර්තාවේ.මෙහිදී සත්කාරක ශ්‍රී ලංකාවට තරග ඇයැදුම්පත් වෙනුවෙන් සහභාගි වන රටවලින්ද ගෙවීමක් හිමි වන නමුදු අපේක්ෂිත වියදම් පියවා ගැනීමට අපොහොසත්ව සිටින බවත් වාර්තාවේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.