Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
මීගමුව වෙරළ උද්‍යානයේදී ඊයේ (26) නිමාවට පත්වූ මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් තරග මාලාවේදී සත්කාරක ශ්‍රී ලංකාවට කාන්තා හා පිරිමි අනුශූරතා දෙකෙන් සෑහීමට පත්වීමට සිදු විය.
එහිදී තරගාවලියේ පිරිමි ශූරතාව හා කාන්තා ශූරතාව පිළිවෙලින් ඉරානය හා කසකසකස්ථානය විසින් ශ්‍රී ලංකාව පරාජය කරමින් දිනා ගැනීමත් සමග එම රටවල් දෙක මෙම වසරේදීම (2025) තායිලන්තයේදී පැවැත්වෙන ආසියානු වෙරළ වොලිබෝල් (කාන්තා හා පිරිමි) තරගාවලියට නිර්දේශ ලබා ගැනීමට සමත් වූහ.
මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ අධීක්ෂණයෙන් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය හා ශ්‍රී ලංකා වෙරළ වොලිබෝල් සංගමයේ මෙහෙයවීමෙන් දින තුනක් පුරා රටවල් 5 කට අයත් කණ්ඩායම් සහභාගිත්වයෙන් පැවැති මෙම තරගාවලිය ඊයේ පස්වරුවේදී පවැති අවසන් මහ තරග වලින් පසුව නිමාවට පත් විය.
කාන්තා අවසන් මහ තරගය ශ්‍රී ලංකාව වට 2 -0 කින් පරාජය කරමින් (21/11 - 21/17) ජය ගැනීමට කසකස්ථානය ඊයේ සමත් විය. එහිදී තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා අංක - 1 කණ්ඩායම කසකස්ථාන අංක - 1 කණ්ඩායමට පරාජය විය. දීපිකා බන්ඩාර හා කසුනි තාරකාගෙන් සමන්විත ශ්‍රී ලංකා අංක - 1 කණ්ඩායම කසකස්ථානයට මෙම තරගාවලියේදී පරාජයට පත්වූ දෙවැනි අවස්ථාව මෙයයි.
මූලික වටයේ තරගයකදීත් ඔවුන්ට මෙම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දෙදෙනා වට 2-0 කින් (21/17 - 21/ 10) කින් පරාජයවී තිබේ. මොවුන් පරාජයට පත් කළ කසකස්ථාන ක්‍රීඩිකාවන් වන ලෙයුරා කබුල්බෙකෝවා හා නඩෙස්ඩා ඉවාන්චෙන්කෝ මෙම තරගාවලියට සහභාගි වූ දෙස් විදෙස් ක්‍රීඩිකාවන් අතරින් ආසියානු හා ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ඉහළින්ම සිටි ක්‍රීඩිකාවන් වීමද කැපී පෙනේ.
ශ්‍රී ලංකාව කාන්තා ඉසව්වේ තරග 12 ක් අතරින් පරාජයට පත්වූයේද කසකස්ථානයට පමණි.ඉරානය පිරිමි ඉසව්වේ ශූරතාව ඊයේ දිනා ගැනීමේදී ශ්‍රී ලංකා අංක -1 කණ්ඩායම වට 2 -0 කින් ඔවුන්ට පරාජය වූහ. එහෙත් මූලික වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ අවසන් මහ තරගයේදී මුණ ගැසුණු ඉරාන කණ්ඩායම පරාජය කර තිබීම කැපී පෙණුනි.
දිලීප චාමික හා මලිත් සිල්වාගෙන් සමන්විත ශ්‍රී ලංකා - අංක -1 කණ්ඩායම ඊයේ ඉරාන කණ්ඩායම වෙතින් එහිදී 21/13 - 21/13 ලෙස ඊයේ ඉරානයට පරාජය විය. කෙසේවූවත් මූලික වටයේ තරගයකදී ඉරානයේ ලෝක ශ්‍රේණිගත කිරීම් ලැබූ මෙම ප්‍රබලතම ක්‍රීඩකයන් දෙදෙනා වන අමිරලී චලේනෝවි හා අබොල්හසන් කකිසදේ වට 3-0 කින් (24/ 26 - 21/19 - 15/09 කින් පරාජය කිරීමට මෙම ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනා සමත් විය.
ශ්‍රී ලංකාව මෙම තරගාවලිය පුරා තරග 12 ක් ජය ගෙන අවසන් මහ තරගයද ඇතුළුව තරග තුනක් පරාජයවී තිබේ. කසකස්ථානයටද ශ්‍රී ලංකාව මූලික වටයේදී පරාජයවී තිබේ.
ජයග්‍රාහී ඉරානය අවසන් මොහොතේදී මීගමුව තරගාවලියට (පිරිමි ඉසව්ව) එක්වීම තවත් කැපී පෙනෙන සිදුවීමකි.
කාන්තා ඉසව්වේ තෙවැනි ස්ථානය ශ්‍රී ලංකා අංක - 2 කණ්ඩායම ( චතුරිකා මධුෂානි හා ෂෙහානි අසංගා) විසින් දිනා ගන්නා ලදී. ඒ ශ්‍රී ලංකා අංක - 3 කණ්ඩායම (වාසනා මධුමාලි හා කසුනි කේෂලා) වට 2-0 කින් (21/15 - 21/19) පරිදිය.
මේ අතර පිරිමි ඉසව්වේ ලෝකඩ පදක්කම කසකස්තානයට හිමි විය.ඒ ශ්‍රී ලංකා අංක - 2 කණ්ඩායම (සදුන් මධුශංක හා අංජන සංදීපන) වට 2-1 කින් පරාජය කරමිනි. ලකුණු තත්වය 22/ 20 - 18 /21 - 10/15 ක් විය.
මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ සභාපති මොහොම්ඩ් ලතීෆ් හා එහි මහ ලේකම් හා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ප්‍රධාන ලේකම් ඒ. එස්. නාලක යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙනි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.