Last Update  :  2025-02-12 14:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකාවෙන් ඉරානයට අනපේක්ෂිත ප්‍රහාරයක්

ශ්‍රී ලංකාවෙන් ඉරානයට අනපේක්ෂිත ප්‍රහාරයක්

editorial - 2025 ජන මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

මීගමුව වෙරළ උද්‍යාන තීරයේදී වර්ෂාව මැද ඊයේ (24) ආරම්භ වූ මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේදී ඊයේ දිනයේදී ශ්‍රී ලංකාව අත් කර ගත් ජයග්‍රහණ 10ක් අතරින් පිරිමි ඉසව්වේදී ප්‍රබලතම ඉරානය පරාජය කිරීම ඉහළම අවධානයක් දිනා ගත්තේය.

ඊයේ පස්වරුවේදී පැවැති පිරිමි ඉසව්වේ මූලික වටයේ තරගයකදී ශ්‍රී ලංකා අංක -1 කණ්ඩායම විසින් සංචාරක ඉරාන කණ්ඩායම වට 2- 1කින් පරාජය කරමින් මෙම පෙරළිකාර ජය අත් කර ගත්තේය.එහිදී පළමු වටය ලකුණු 26/24 ක් පරිදි ඉරාන කණ්ඩායම ජය ගෙන තිබියදී සෙසු වට දෙක ලකුණු 21/19 හා 15/09 කට ඔවුන්ට අනපේක්ෂිත පරාජයක් ගෙන දුන් ශ්‍රී ලංකා අංක - 1 කණ්ඩායමට දිලීප  චාමික හා මලිත් සිල්වා ඇතුළත් විය.

ඊයේ පැවැති සෙසු තරග අතරින් එය ඉහළින්ම කැපී පෙණුනේ පරාජිත ඉරාන කණ්ඩායම නියෝජනය අමීරලී ගලෙනෝවි හා අබොල්හසන් කහකිසාදේ  පැවැති ආසියානු යොවුන්   (වයස 19 න් පහළ) තරගාවලියේ රන් පදක්කම හා එහි ලෝක ශූරතා ලෝකඩ පදක්කම දිනා ගත් ඉරාන කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් දෙදෙනාවීමයි.

මෙම ක්‍රීඩකයන් දෙදෙනා මීගමුව තරගාවලියට සහභාගි වන විට ආසියානු  හා ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ඊට සහභාගිවී සිටින සෙසු ක්‍රීඩකයන් අතරින් ඉදිරියෙන්ම පසුවූ විදේශීය ක්‍රීඩකයන් දෙදෙනායි.ඔවුන් පරාජය කළ ශ්‍රී ලංකාවේ දිලීප චාමික හා මලිත් සිල්වා ආසියානු ශ්‍රේණිගත කිරීමේදී ලකුණු 40 ක් ලබා සිටියි.ඉරාන ක්‍රීඩකයන් දෙදෙනාගේ එම ලකුණු එකතුව 454ක් තරම් ඉහළම අගයක් ගනියි.

ලෝක  ශ්‍රේණිගත කිරීම් අනුවත් ඉරාන ක්‍රීඩකයන්  ඒ වන විට ලකුණු 158 ක් ලබා සිටියත් ඔවුන් පරාජය කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් එහි පසු වන්නේ සෘණ තත්වයේය.

ඊයේ දිනයේදී ශ්‍රී ලංකාව කාන්තා හා පිරිමි ඉසව් දෙකේදී තරග 10 ක් ජය ගැනීමට සමත් විය.කසකස්ථානයට එරෙහිව කාන්තා ඉසව්වේදී එක් තරගයක් ශ්‍රී ලංකාව පරාජය විය. ඒ ශ්‍රී ලංකා අංක - 1 (කසුනි බන්ඩාර හා දීපිකා බන්ඩාර) කණ්ඩායමයි.

තරගාවලියේ දෙවැනි දිනය වන අද (25) දිනයේත් කාන්තා හා පිරිමි තරග ඉසව් රැසක් පැවැත්වේ.අවසන් පූර්ව හා අවසන් මහ තරග හෙට (26) පැවැත්වේ.


අදහස් (0)

ශ්‍රී ලංකාවෙන් ඉරානයට අනපේක්ෂිත ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.