
වෙළඳසේවා වොලිබෝල් සංගමය විසින් 11 වන වරටත් සංවිධානය කරනු ලබන 2024 වෙළඳසේවා වොලිබෝල් තරඟාවලිය මේ මස 17 හා 18 යන දෙදින සීදූව දවිසමර විද්‍යාලයීය පිටියේදී පැවැත්වීමට නියමිතය.
ඒ කාණ්ඩයේ තරගාවලිය, ශූරතා තරගාවලිය, සුපර් ලීග් තරගාවලිය සහ 40 න් ඉහළ තරගාවලිය වශයෙන් මෙවරත් කාණ්ඩ හතරකින් යුතුව තරගාවලිය පැවැත්වෙයි. සෑම කාණ්ඩයකම ශූරයන්ට සහ අනුශූරයන්ට කුසලාන පිරිනැමෙන අතර තුන්වැනි ස්ථානය දිනාගන්නා කණ්ඩායමට ද ත්‍යාග පිරිනැමේ.
කාන්තා සහ පිරිමි අංශ දෙකින්ම තරගාවලිය පැවැත්වෙයි. පිරිමි කණ්ඩායම් 40 කට සහ කාන්තා කණ්ඩායම් 12 කට වැඩියෙන් මේ වන විටත් ලියාපදිංචි වී සිටිති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.