Last Update  :  2021-12-01 21:42:00 About Contact
IMG-LOGO
නිවස්න පිටුව Latest news යුද හමුදාව - ද්‍රවිඩ සංගමය පෙරමුණට

යුද හමුදාව - ද්‍රවිඩ සංගමය පෙරමුණට

editorial - 2021 නොවැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

අන්තර් සමාජ සීමිත  ඕවර ( ඕවර 50) ක‍්‍රිකට් තරගාවලියේ දින 7 ක් අවසන් වනවිට ප‍්‍රසාද ලකුණු සටහනේ ‘ඒ’ කාණ්ඩයෙන් පෙරමුණ ගැනීමට යුද හමුදා කණ්ඩායමත්, ‘බී’ කාණ්ඩයෙන් පෙරමුණ ගැනීමට ද්‍රවිඩ සංගමයත් සමත්ව ඇත.

යුද හමුදා කණ්ඩායම සහ කුරුණෑගල යොවුන් කණ්ඩායම ලකුණු 11 ක් ලබාගනිමින් ප‍්‍රසාද ලකුණු සටහනේ ‘ඒ’ කාණ්ඩයේ ඉදිරියෙන් සිටියද ශුද්ධ ලකුණු වේගය මත යුද හමුදා කණ්ඩායම පෙරමුණේ පසුවන්නේය. තරග 6 කට සහභාගිවී ඇති යුද හමුදා කණ්ඩායම තරග 3 ක් ජයගනිමින් එක් තරගයක් පමණක් පරාජයට පත්වී ඇත. වර්ෂාව හේතුවෙන් තරග 2 ක් විසඳුමකින් තොරව අවසන් වී ඇත. යුද හමුදා කණ්ඩායමට අතිරේක ප‍්‍රසාද ලකුණු 3 ක් ද හිමිවේ.

ශුද්ධ ලකුණු වේගය මත ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්ව ඇති කුරුණෑගල යොවුන් කණ්ඩායම තරග කට සහභාගිවී ඉන් තරග 3 ක් ජයගෙන ඇති අතර එක් තරගයක් පරාජයට පත්වී ඇත. වර්ෂාව හේතුවෙන් තරග 3 ක් විසඳුමකින් තොරව අවසන් වී ඇත. කුරුණෑගල යොවුන් කණ්ඩායමට අතිරේක ප‍්‍රසාද ලකුණු 2 ක් ද හිමිවේ.

ද්‍රවිඩ සංගම් පිල ප‍්‍රසාද ලකුණු 11 ක් ලබාගනිමින් ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගෙන ඇත. තරග 7 කට සහභාගිවී ඇති ඔවුන් ඉන් තරග 3 ක් ජයගෙන ඇති අතර වර්ෂාව හේතුවෙන් තරග 4 ක් විසඳුමකින් තොරව අවසන්වී ඇත. ද්‍රවිඩ සංගම් පිලට අතිරේක ප‍්‍රසාද ලකුණක් ද හිමිවේ.


අදහස් (0)

යුද හමුදාව - ද්‍රවිඩ සංගමය පෙරමුණට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.