Last Update  :  2024-05-22 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ෆින්ච් - ස්ටොයිනිස් ඕස්ට්‍රේලියාව ඉහළට ඔසවති
ඕස්ට්‍රේලියා - අයර්ලන්ත තරගය

ෆින්ච් - ස්ටොයිනිස් ඕස්ට්‍රේලියාව ඉහළට ඔසවති

editorial - 2022 ඔක් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ට්‍රේලියාව සහ අයර්ලන්තය අතර බි්‍රස්බේන් නුවර ගැබා ක්‍රීඩාංගණයේදී අද (31 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ටේ්‍රලියාව ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 179 ක් ලබාගත්තේය.

තරමක මන්දගාමී ආරම්භයක් ලබාගත්තද, ක්‍රම ක්‍රමයෙන් ලකුණු ලබාගැනීම වේගවත් කළ නායක ඒරන් ෆින්ච්, පන්දු 44 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 63 ක් රැස්කරමින් ඕස්ට්‍රේලියානු ඉනිම සවිමත් කළේය.

මුලු ලකුණු සංඛ්‍යාව 8 ක්ව තිබියදී පළමු කඩුල්ල ලෙස ඩේවිඩ් වෝනර් (3) දැවී ගියද දෙවැනි කඩුල්ල වෙනුවෙන් මිචෙල් මාෂ් (28) සමග එක්ව පන්දු 36 කදී ලකුණු 52 ක් එක් කළ ෆින්ච්, ඕස්ට්‍රේලියානු කණ්ඩායමට හොඳ ආරම්භයක් ලබාදුන්නේය. පන්දු 22 කදී වාර්තා වූ මාෂ්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් විය.

මාෂ්ගේ දැවී යෑමෙන් අනතුරුව පිටියට පිවිසි ග්ලේන් මැක්ස්වෙල්ට වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට අවස්ථාවක් නොලැබිණ. එහෙත් මාකස් ස්ටොයිනිස් (35) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 36 කදී ලකුණු 70 ක වේගවත් සම්බන්ධතාවක් පිහිටුවීමටද ෆින්ච් සමත් විය. පන්දු 25 කට මුහුණදුන් ස්ටොයිනිස් හයේ පහරකින් සහ හතරේ පහර 3 කින් සිය ඉනිම සැරසුවේය.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ මුල් පිතිකරුවන් තිදෙනාම තම ගොදුරු බවට පත්කර ගත් බැරී මැකාති සිය ඕවර 4 තුළදී ප්‍රතිවාදීන්ට ලබාදුන්නේ ලකුණු 29 ක් පමණි. ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 200 සීමාවෙන් ඔබ්බට යෑමෙන් වළක්වාලීම සඳහා මැකාතිට අනගි සහායක් දුන් ජොෂුවා ලිට්ල් ලකුණු 21 කට කඩුලු 2 ක් දවාගත්තේය.


ඕස්ට්‍රේලියාව - ඕවර 20 කදී කඩුලු 5 කට 179
(ඒරන් ෆින්ච් 63, මිචෙල් මාෂ් 28, මාකස් ස්ටොයිනිස් 35, ටිම් ඩේවිඩ් නොදැවී 15, බැරී මැකාති 29/3, ජොෂුවා ලිට්ල් 21/2)


 

-036

 


අදහස් (0)

ෆින්ච් - ස්ටොයිනිස් ඕස්ට්‍රේලියාව ඉහළට ඔසවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.