ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම සහ හැම්ප්ෂයර් ප්‍රන්ත කණ්ඩායම අතර එංගලන්තයේ සදම්ප්ටන් ප්‍රන්ත ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන සිවුදින තරගයේ තෙවැනි දිනය වූ අද (15 වැනිදා) දිගින් දිගටම ඇද හැළුණ වර්ෂාව හේතුවෙන් එක් පන්දුවක් හෝ නොයවාම අත්හැර දැමීමට විනිසුරුවෝ පියවර ගත්හ.
තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (14 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි හැම්ප්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 252 ක් ලබා ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායමට වඩා ලකුණු 29 ක් පසුපසින් සිටියේය.
ශ්‍රී ලංකා නැඟී එන පිල - සියලු දෙනා දැවී 281
(නිෂාන් මධුෂංක 16, නුවනිඳු ප්‍රනාන්දු 52, ධනංජය ලක්ෂාන් 21, සන්තුෂ් ගුණතිලක 53, දුනිත් වෙල්ලාලගේ 44, අෂීන් ඩැනියෙල් 21, දිළුම් සුදීර 33, ජෝන් ටනර් 31/5, හැරී පෙට්‍රි 48/3, ඩොමිනික් කේලි 55/2)
හැම්ප්ෂයර් ප්‍රාන්ත පිල - කඩුලු 5 ක් දැවී 252
(ෆ්ලෙචා මිඩිල්ටොන් 64, ටොම් ප්‍රීස්ට් 35, ටොබී ඇල්බට් නොදැවී 69, ඇනියුරින් ඩොනල්ඩ් 16, රොස් වයිට්ලි නොදැවී 55, ධනංජය ලක්ෂාන් 43/2, උදිත් මධුෂාන් 73/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.