Last Update  :  2025-08-05 19:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International සිව්වැනි දිනයත් වැස්සට සේදෙයි

සිව්වැනි දිනයත් වැස්සට සේදෙයි

editorial - 2021 ජුනි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ තරගයේ සිව්වැනි දිනයටත් වර්ෂාව හරස් වීම හේතුවෙන් අද (21 වැනිදා) දිවා ආහාරයට පෙර එකම පන්දුවක් හෝ යැවිය නොහැකි විය. එංගලන්තයේ සදම්ප්ටන් නුවර රෝස් බෝල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයේ තුන්වැනි දිනය වූ ඉරිදා ක්‍රීඩාව නතර කරන විට නවසීලන්ත කණ්ඩායම සිය මුල් ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 101 ක් ලබා සිටියේය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම මුල් ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 217 ක් ලබාගත්තේය.

සඳුදා උදෑසන සිට ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් හැම්ප්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් මූලස්ථානයට අයත් ක්‍රීඩාංගණයේ තණතීරුව සම්පූර්ණයෙන්ම වසා දමා තිබිණ. තේ පානය දක්වාත් තත්ත්වය වෙනස් නොවූයෙන් සිව්වැනි දිනයේ ක්‍රීඩාවද සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට සිදුවිය.

ඉරිදා දිනයේ ක්‍රීඩාව දෙපිලේම දස්කම් සම සම ලෙසින් පැවැති නමුත් එදිනත් මන්දාලෝකය හේතුවෙන් තරගය සවස් වරුවේදී අතරමග නතර කිරීමට සිදුවිය. එහෙත් ඒ වන විට නවසීලන්ත කණ්ඩායම කඩුලු 8 ක් අතැතිව, ඉන්දියාවට වඩා ලකුණු 116 ක් පසුපසින් සිටියේය. අඩි 7 ක් පමණ උස ක්‍රීඩකයකු වන නවසීලන්තයේ කයිල් ජැමීසන් ඕවර 22 කදී ලකුණු 31 කට කඩුලු 5 ක් දවාගත්තේය.

නවසීලන්තයේ නවතම සොයාගැනීම වන ඩෙවොන් කොන්වේ ලකුණු 54 කට දැවී ගියේ ටෙස්ට් ඉනිම 5 කදී තුන්වැනි අර්ධ ශතකයත් වාර්තා කරමිනි.


ඉන්දියාව  - පළමු ඉනිම 217 යි
(රෝහිත් ෂර්මා 34, ෂුබ්මන් ගිල් 28, විරාට් කෝලි 44, අජින්ක්‍යා රහනේ 49, රවීන්ද්‍ර ජදේජා 15, රවිචන්ද්‍රන් අශ්වින් 22, ටේ‍රන්ට් බෝල්ට් 47/2, කයිල් ජැමීසන් 31/5)

නවසීලන්තය  - පළමු ඉනිම කඩුලු 2 ක් දැවී 102 යි
(ටොම් ලෙතම් 30, ඩොවොන් කොන්වේ 54, කේන් විලියම්සන් නොදැවී 12)

 

- 213


අදහස් (0)

සිව්වැනි දිනයත් වැස්සට සේදෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.