Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පකිස්තානයට එරෙහිව රාවල්පිණ්ඩි නුවරදී අඟහරුවාදා (3 වැනිදා) පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගය සුපිරි ඕවරයේදී ජයගැනීමට සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය. මෙම තරගයේදී පරාජයට පත්වුවද, දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 2-1 ක් ලෙස ජයගැනීමට පාකිස්තානය සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 279 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන කණ්ඩායමට ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 278 ක් පමණි. දෙපිලේම ලකුණු සම වීම හේතුවෙන් තරගයේ ජයග්‍රාහකයා තෝරාගැනීම සඳහා සුපිරි ඕවරය ක්‍රියාත්මක කිරීමට විනිසුරුවෝ පියවර ගත්හ.
සුපිරි ඕවරයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායමට බ්ලෙසින් මුසරබානිගේ දක්ෂ පන්දු යැවීම හමුවේ පන්දු 4 කදී කඩුලු 2 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 2 ක් පමණි. එහි පළමු පන්දුවේදීම ඉෆ්තිකාර් අහමඩ් දවාගත් මුසරබානි, සිවුවැනි පන්දුවේදී කුෂ්දිල් ෂාගේ කඩුල්ලද බිඳහෙළුවේය.
පාකිස්තානය වෙනුවනේ සුපිරි ඕවරය යැවීම සඳහා ශහීන් අෆ්රිඩි කැඳවූ අතර එම ඕවරයේ තෙවැනි පන්දුව හතරේ සීමාව කරා යැවූ සිකන්දර් රාසා සිම්බාබ්වේ කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය. පාකිස්තාන ඉනිමේදී ලකුණු 49 කට කඩුලු 5 ක්ද, සුපිරි ඕවරයේදී ලකුණු 2 කට කඩුලු 2 ක්ද දවාගත් බ්ලෙසින් මුසරබානි තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.
මෙම තරගයේදී සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් ෂෝන් විලියම්ස් (නොදැවී 118) ද, පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් නායක බාබර් අසාම් (125) ද ශතක ලබාගැනීමට සමත් වූහ. පන්දු 135 කදී වාර්තා වූ විලියම්ස්ගේ සිවුවැනි එක්දින ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 13 ක් ඇතුළත් විය. පන්දු 125 කදී වාර්තා වූ අසාම්ගේ 12 වැනි එක්දින ශතකයද හයේ පහරකින් සහ හතරේ පහර 13 කින් සමන්විත විය.
පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ මොහොමඩ් හස්නයින් සිය ඕවර 10 ලකුණු 26 කට සීමා කරමින් කඩුලු 5 ක් දවාගත්තේ නිලකුණු ඕවර 3 ක්ද යවමිනි. මේ දක්වා එක්දින තරග 6 කට පමණක් ක්‍රීඩාකර ඇති හස්නයින්ගේ හොඳම පන්දු යැවීම මෙන්ම තරගයකදී කඩුලු 5 ක් දවාගත් පළමු අවස්ථාව ලෙසද එය සටහන් විය.
සිම්බාබ්වේ - ඕවර 50 කදී කඩුලු 6 කට 278
(බ්‍රෙන්ඩන් ටේලර් 56, ෂෝන් විලියම්ස් නොදැවී 118, වෙස්ලි මැධිවේරි 33, සිකන්දර් රාසා 45, මොහොමඩ් හස්නයින් 26/5)
පාකිස්තානය - ඕවර 50 කදී කඩුලු 9 කට 278
(බාබර් අසාම් 125, ඉෆ්තිකාර් අහමඩ් 18, කුෂ්දිල් ෂා 33, වහබ් රියාස් 52, බ්ලෙසින් මුසරබානි 49/5, ඩොනල්ඩ් ටිරිපානෝ 39/2, රිචඩ් න්ගාරාවා 62/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.