Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ස්ටාක්ට දෙවැනි විස්සයි20 තරගය මඟහැරෙයි

ස්ටාක්ට දෙවැනි විස්සයි20 තරගය මඟහැරෙයි

editorial - 2019 ඔක් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවට එරෙහිව අනිද්දා (30 වැනිදා) ගැබාහිදී පැවැත්වෙන දෙවැනි විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයට සහභාගි වීමේ අවස්ථාව ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රධානතම වේග පන්දු යවන්නකු වන මිචෙල් ස්ටාක්ට අහිමි වී තිබේ.

ඊට හේතුවී ඇත්තේ සිය සොහොයුරාගේ විවාහ උත්සවයට සහභාගි වීම සඳහා ඔහු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයෙන් නිවාඩු ඉල්ලා තිබීමයි. ඒ අනුව ඔහුගේ ස්ථානය දැනට සංචිතයේ රැදී සිටින සෙසු වේග පන්දු යවන්නන් දෙදෙනා වන බිලී ස්ටැන්ලේක්ට සහ ෂෝන් ඇබට්ට විවෘත වනු ඇත.

ස්ටැන්ලේක් මෙන්ම ඇබට්ටද මෙම තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියානු කණ්ඩායමට කැඳවනු ලැබුවේ ‘මාෂ් කුසලාන’ එක්දින තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙනි. අවසන් වරට ක්‍රීඩා කළ තරගවලදී ඔවුන් දෙදෙනා පිළිවෙලින් නිව් සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රන්තවලට එරෙහිව කඩුලු 5 බැගින් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත වූහ.

දෙරට අතර පැවැති පළමු විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේදී ලකුණු 134 ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වූ අතර එහිදී දක්ෂ පන්දු යැවීමන නිරත වූ මිචෙල් ස්ටාක් ලකුණු 18 කට කඩුලු 2 ක් දවාගත්තේය.


-036

 


අදහස් (0)

ස්ටාක්ට දෙවැනි විස්සයි20 තරගය මඟහැරෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.