Last Update  :  2025-05-09 22:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International සද්රාන්ගේ ශතකය ඇෆ්ඝනිස්ථානයට ජය ගෙනෙයි

සද්රාන්ගේ ශතකය ඇෆ්ඝනිස්ථානයට ජය ගෙනෙයි

editorial - 2022 ජුනි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ඇෆ්ඝනිස්ථාන කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර හරාරේහිදී පැවැති දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට ඇෆ්ඝනිස්ථානය සමත් විය.

මෙම ජයග්‍රහණයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම 2-0 ක් ලෙස ජය ගැනීමටද ඇෆ්ඝනිස්ථාන ක්‍රීඩකයෝ සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 229 ක ඉලක්කයක් හඹාගිය ඇෆ්ඝනිස්ථාන ක්‍රීඩකයෝ ඕවර 44.3 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී එම ඉලක්කය සපුරාගත්හ. එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු ඊබ්‍රහිම් සද්රාන් පන්දු 141 කදී හතරේ පහර 16 ක් සමග නොදැවී ලකුණු 120 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

මුලු ලකුණු සංඛ්‍යාව 17 ක් වන විට රාහ්මතුල්ලා ගුර්බාස් ලකුණු 4 කට දැවී ගියද, රාමට් ෂා (88) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 234 කදී ලකුණු 195 ක සම්බන්ධතාවක් ගොඩනැගූ සද්රාන්, ඇෆ්ඝනිස්ථාන කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා අඩිතාලම දැමුවේය.

පන්දු 112 කට මුහුණදුන් රාමට් ෂා හතරේ පහර 9 කින් සිය අර්ධ ශතකය සැරසුවේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම ඕවර 50 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 228 ක් ලබාගත්තේය. එහිදී ආරම්භක පිතිකරු ඉනොසෙන්ට් කයියා (63) සහ රයන් බර්ල් (නොදැවී 51) අර්ධ ශතක ලබාගත්හ. පන්දු 74 කදී වාර්තා වූ කයියාගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් වූ අතර පන්දු 61 කදී වාර්තා වූ බර්ල්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 2 කින් සමන්විත විය.

ඇෆ්ඝනිස්ථාන කණ්ඩායමේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වූ ෆරීඩ් අහමඩ් ලකුණු 56 කට කඩුලු 3 ක් දවාගත් අතර මොහොමඩ් නබී, ෆසාල්හක් ෆරූකී සහ රෂීඩ් ඛාන් කඩුලු 2 බැගින් බිඳහෙළමින් සිම්මාබ්වේ ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා අනගි සහායක් දැක්වූහ.


සිම්බාබ්වේ - ඕවර 50 කදී සියලු දෙනා දැවී 228
(ඉනොසන්ට් කයියා 63, ක්‍රෙග් එර්වින් 32, සිකන්දර් රාසා 40, රයන් බර්ල් නොදැවී 51, ෆරීඩ් අහමඩ් 56/3, මොහොමඩ් නබී 31/2, ෆසාල්හක් ෆරූකී 34/2, රෂීඩ් ඛාන් 56/2)

ඇෆ්ඝනිස්ථානය - ඕවර 44.3 කදී කඩුලු 2 ක් දැවී 229  
(ඊබ්‍රහීම් සද්රාන් නොදැවී 120, රාමට් ෂා 88)

-036  

 


අදහස් (0)

සද්රාන්ගේ ශතකය ඇෆ්ඝනිස්ථානයට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.