Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ක්‍රීඩිකාවන් කිසි සේත්ම අපේක්‍ෂා නොකළ ආක්‍රමණයක නිරත වූ සොෆී එක්සෙල්ස්ටන් සහ හෙදර් නයිට් දෙදෙනා එංගලන්තයේ බ්‍රිස්ටල් නුවරදී පැවැත්වෙන එකම ටෙස්ට් තරගයේ තුන්වැනි දිනයේදී ඉන්දීය ඉනිම ලකුණු 231 කට සීමා කළහ. ඉන්දීය ඉනිමේ අවසන් කඩුලු 9 ම ලකුණු 64 කට බිම දැමූ එක්සෙල්ස්ටන් සහ නයිට් දෙදෙනා ලකුණු 165 ක මුල් ඉනිමේ වාසියක් තම පිලට ගෙන දුන්හ.
එහි විශාලතම වාසිය වූයේ ඉන්දීය කාන්තා කණ්ඩායම පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහර දීම සඳහා නැවතත් පිටියට තල්ලු කිරීමට හෙදර් නයිට්ට හැකිවීමයි. එහෙත් තරගයේ තුන්වැනි දිනය වූ අද තේ පානය සඳහා ක්‍රීඩාව නතර කරන විට ඉන්දීය කාන්තා කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 83 ක් ලබා සිටියේය.
මුල් ඉනිමේදී ශතකය අහිමි කරගත් ෂෆාලි වර්මා දෙවැනි ඉනිමේදීත් නොදැවී ලකූණු 55 ක් ලබා සිටි අතර දීප්ති ශර්මා සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 54 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනංවා තිබිණ.
ඉන්දීය මුල් ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකාරිනියන් දෙදෙනා වූ ස්මිත්‍රි මන්දනා (78) සහ ෂෆාලි වර්මා (96) විශිෂ්ට ආරම්භයක් ලබාගනිමින් ලකුණු 167 සම්බන්ධතාවක් ගොඩනැංවූහ. එහෙත් ශතකය පෙනි පෙනී සිටි ෂෆාලි වර්මාගේ වැරදී ගිය පහරින් සිදුවූයේ මිඩ් ඕෆ් හි සිටි ආන්යා ශ්‍රබ්සෝල්ට උඩපන්දුවක් ලැබීමත් ඇයට ශතකය අහිමි වීමත්ය. එතැන් සිට ග්‍රහණය දැඩිකළ එංගලන්ත පන්දු යවන්නියෝ අවසන් කඩුලු 9 ම ලකුණු 64 කට බිම දැමූහ.
එංගලන්තය - පළමු ඉනිම කඩුලු 9 ට 396
ඉන්දියාව - පළමු ඉනිම 231 යි
(ස්මිත්‍රි මන්දනා 78, ෂෆාලි වර්මා 96, දීප්ති ශර්මා නොදැවී 29, පූජා වස්ත්‍රකාර් 12, සොෆී එක්සෙල්ස්ටන් 88/4, හෙදර් නයිට් 07/2)
ඉන්දියාව - දෙවැනි ඉනිම කඩුලු 1 ක් දැවී 83
(ෂෆාලි වර්මා නොදැවී 55, දීප්ති ශර්මා නොදැවී 18)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.