Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ෂහීන් අෆ්රිඩිට දෙවැනි ටෙස්ට් තරගය අහිමි වෙයි
ගාල්ල ටෙස්ට් තරගය

ෂහීන් අෆ්රිඩිට දෙවැනි ටෙස්ට් තරගය අහිමි වෙයි

editorial - 2022 ජුලි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්ථාන වේග පන්දු යවන ක්‍රීඩක ෂහීන් අෆ්රිඩිට දණහිසේ ඇති වූ ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකාව සමඟින් ගාල්ලේදී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟය අහිමිව යනු ඇත.

පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනයේදී දණහිසේ ආබාධයකට ලක්විම හේතුවෙන් අෆ්රිඩිට දෙවැනි තරගයෙන් ඉවත්වීමට සිදුව ඇත.

පළමු ටෙස්ට් තරගයේදී පළමු ඉනිමේදී ලකුණු 58 කට කඩුලු 4 ක් දවාගත් අෆ්රිඩිට දෙවැනි ඉනිමේදී ලකුණු 21 ක් ලබාදුන්නද කඩුල්ලක් දවාගැනීමට අපොහොසත් විය. තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය ජයගනිමින් ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ තම ස්ථානය ශක්තිමත් කර ගැනීමේ අරමුණින් සිටින පාකිස්තානයට අෆ්රිඩි ඉවත්ව යාම විශාල පාඩුවක් වනු ඇත.

අෆ්රිඩිට දෙවැනි ටෙස්ට් තරගය අහිමි වන නමුත් ඔහුගේ ප්‍රතිකාර කටයුතු දිගටම කරගෙන යමින් කණ්ඩායම සමගින් ශ්‍රී ලංකාවේ රැඳී සිටින බව ආරංචි මාර්ග පවසයි.

අෆ්රිඩි වෙනුවටතුන් ඉරියව් ක්‍රීඩක ෆහීම් අෂ්රෆ් හෝ වේග පන්දු යවන ක්‍රීඩක හැරිස් රවුෆ් කණ්ඩායමට ඇතුළත් කරනු ඇත.

දෙරට අතර දෙවැනිඅ ටෙස්ට් තරගය 24 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

-2079


අදහස් (0)

ෂහීන් අෆ්රිඩිට දෙවැනි ටෙස්ට් තරගය අහිමි වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.