Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කාන්තා විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තැබූ බලාපොරොත්තු සියල්ලම සීසීකඩ විසුරුවා හළ නවසීලන්ත ක්‍රීඩිකාවෝ දකුණු අප්‍රිකාවේ පාල් නුවරදී ඊයේ පැවැති තරගයෙන් ලකුණු 102 ක ජයක් අත්කර ගත්හ. මෙම ජයත් සමගින් නවසීලන්ත කණ්ඩායම ප්‍රසාද ලකුණු පුවරුවේ දෙවැනි ස්ථානයට පිවිසි නමුත් මූලික වටයේ ඉතිරිව ඇති එකම තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායමේ දස්කම් මත අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගන්නා කණ්ඩායම තීරණය වනු ඇත.
ජයග්‍රහණ සංඛ්‍යාව අනුව මේ වන විට ශ්‍රී ලංකාව සහ නවසීලන්තය සමාන වන නමුත් ශුද්ධ ලකුණු වේගය මත නවසීලන්ත ක්‍රීඩිකාවෝ ඉදිරියට ගොස් සිටිති. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ තරග 4 ම නිමාවට පත්ව ඇති අතර තරග 2 ක් ජයගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සතුව ඇත්තේ ප්‍රසාද ලකුණු 4කි. ශ්‍රී ලංකා කණ්ඩායමේ ශුද්ධ ලකුණු වේගය -1.460 කි. නවසීලන්ත කාන්තා කණ්ඩායමේ ශුද්ධ ලකුණු වේගය +0.138 කි. ඒ අනුව නවසීලන්ත කාන්තා පිලට ප්‍රසාද ලකුණු පුවරුවේ දෙවැනි ස්ථානය හිමිවී තිබේ.
ඉරිදා පැවැති තරගයේදී කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත ක්‍රීඩිකාවෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 3 කට ලකුණු 162 ක් ලබාගත්හ. ඊට පිළිතුරු වශයෙන්, ශ්‍රී ලංකා කාන්තාවන්ට රැස්කරගත හැකිවූයේ ලකුණු 60 කි.
බර්නඩීන් බෙසුයිඩෙන්හූට්, නවසීලන්තය වෙනුවෙන් ප්‍රවේගකාරී ආරම්භයක් ලබාගනිමින්, පන්දු 20 කදී ලකුණු 32 ක් ලබාගත්තේ හතරේ පහර 5 ක් ඊට ඇතුළත් කරමිනි. මෙම ප්‍රවේගවත් ආරම්භය නිසා ඕවර 5.4 කදී ලකුණු 46 ක් නවසීලන්ත පුවරුවට එක්විය.
එතැන් සිට නවසීලන්තය වෙනුවෙන් අර්ධ ශතක ලබාගත් ඇමීලියා කර් (66) සහ සුසී බේට්ස් (56) දෙවැනි කඩුල්ල වෙනුවන් ලකුණු 110 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් තරගය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගෙන් ඈතට ඇදගන ගියහ.
ප්‍රහාරාත්මක ඕවර 6 නිමාවීමටත් පෙරම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කඩුලු 3 ක් අහිමිකර ගත්හ. ශ්‍රී ලංකා පිතිකාරිණියන් මෙල්ලකර ගැනීම අපහසු නොවූවත්, නායිකා සුසී බේට්ස් තම පන්දු යවන්නියන් හය දෙනකුම යොදාගත්තේ අවසන් පූර්ව තරගයට පෙර ලබාගත හැකි හොඳ පෙරහුරුවක් ලෙසිනි.
නවසීලන්ත කාන්තා කණ්ඩායම - ඕවර 20 කදී කඩුලු 3 ට 162 යි
(බර්නඩීන් බෙසුයිඩෙන්හූට් 32, ඇමීලියා කර්66, සුසී බේට්ස් 56)
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම - ඕවර 15.5 කදී සියලු දෙනා දැවී 60 යි
(චමරි අතපත්තු 19, මල්ෂා ෂෙහානි 10, ඇමීලියා කර් 07/2, ලියා ටාතුතු 12/2)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.