Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
“රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සිරීස්”තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල සමත්විය. රායිපූර්හිදී අද (19 වැනිදා) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් පිලට එරෙහිව කඩුලු 8 ක ජයක් ලබාගැනීමට ලංකා ලෙජන්ඩ්ස් පිලට හැකිවිය.
ජයග්‍රහණ සඳහා ලකුණ1 126 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල ඕවර 17.2 කදී කඩුලු 2 ක් පමණක් දැවී ඉලක්කය සපුරා ගැනීමට සමත්වූයේ.
චින්තක ජයසිංහ පන්දු 28 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමගින් ලකුණු 47 ක් සහ උපුල් තරංග පන්දු 44 කදි හතරේ පහර 5 සමගින් ලකුණු 39 ක් රැස්කරමින් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල ජයග්‍රහණය කරා රැගෙන ගියහ.
ලකුණු 18 බැගින් ලබාසිටි තිලකරත්න ඩිල්ෂාන් සහ සනත් ජයසූරිය දවාගැනීමට මකායි න්ටිනි සහ ඇල්විරෝ පීටර්සන් සමත්වුහ.
තෙවැනි කඩුල්ල සඳහා පන්දු 48 කදී ලකුණු 70 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනැගීමට චින්තක ජයසිංහ සහ උපුල් තරංග සමත්වූහ.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා ලෙජන්ඩ් පිල පළමුව පන්දුවට පහරදීම සඳහා දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් පිලට ආරාධනා කළ අතර ඕවර 20 අවසානයේ සියලුදෙනා දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 125 ක් පමණි.
ආරම්භක පිතිකරු මෝර්න් වෑන් වික් පන්දු 47 කදී හතරේ පහර 8 ක් සමගින් ලකුණු 53 ක් රැස්කළ අතර ඇල්විරෝ පීටර්සන් පන්දු 27 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 27 ක් රැස්කරමින් දකුණු අප්‍රිකානු ලකුණු පුවරුව ඉහළ දැමීමට සමත්විය.
සිය ඕවර 4 ලකුණු 25 කට සීමාකළ නුවන් කුලසේකර කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර සනත් ජයසූරිය, ෆර්වීස් මහරූෆ් සහ කොෟෂල්‍ය වීරරත්න කඩුල්ල බැගින් දවාගැනීමට සමත්වූහ.
දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් - ඕවර 20 කදී සියලුදෙනා දැවී 125
(මෝර්න් වෑන් වික් 53, ඇල්විරෝ පීටර්සන් 27, නුවන් කුලසේකර 25/5)
ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් - ඕවර 17.2 කදී කඩුලු 2 ක් දැවී 128
(චින්තක ජයසිංහ නොදැවී 47, උපුල් තරංග නොදැවී 39)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.