Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අවසන් ඕවරය යැවීමේ වගකීම බාරගත් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු, පන්දු 4 කින් කඩුලු 3 ක් දවාගනිමින් නවී-මුම්බායි නුවරදී අද (20 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී බංග්ලාදේශයට එරෙහිව ලකුණු 7 ක ජයක් කරා තම කණ්ඩායම කැඳවාගෙන ගියාය. මෙම ජයග්‍රහණයෙන් ලැබුණු ප්‍රසාද ලකුණු 2 ත් සමගින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ප්‍රසාද ලකුණු පුවරුවේ 6 වැනි ස්ථානය දක්වා ඉහළ නැංගාය.
ලකුණු 203 ක පහසු ඉලක්කයක් කරා ගිය බංග්ලාදේශ කාන්තා කණ්ඩායම 45 වැනි ඕවරය නිමාවේදී කඩුලු 3 කට ලකුණු 176 ක් ලබා සිටියේය. එතැන් සිට ජයග්‍රහණය සඳහා ඔවුනට අවශ්‍ය වූයේ පන්දු 30 කින් ලකුණු 27 කි. එහෙත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලකුණු ගලායාම පාලනය කරමින් පන්දු යැවූ අතර බංග්ලාදේශ ඉලක්කය පන්දු 12 කින් ලකුණු 12 ක් ලෙසින් ද අවසන් ඕවරයේ පන්දු 6 කින් ලකුණු 9 ක් ලෙසින් ද වෙනස් විය.
අවසන් ඕවරය යැවූ චමරි අතපත්තු සිය පළමු පන්දු හතරෙන් තුනකදී කඩුලු දවාගත් අතර එකකදී නහීදා අක්තාර් දුවද්දී දැවී ගියාය. අතපත්තුගේ පස්වැනි පන්දුවට ලකුණක් ලබාගත් නමුත් ඒ වන විටත් ශ්‍රී ලංකා කාන්තාවන්ගේ ජයග්‍රහණය තහවුරු වී තිබිණ.
බංග්ලාදේශ ක්‍රීඩිකාවන් එක පෙළට උඩපන්දු අතහැරීමෙන් ප්‍රයෝජන ගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලකුණු 202 ක් ලබාගත්හ. නිලක්‍ෂිකා සිල්වා (37) සහ හසිනි පෙරේරා (85) දෙදෙනාම පිටියේ සිටි 32 වැනි ඕවරයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කඩුලු 5 ක් අතැතිව ලකුණු 174 ක් ලබා සිටියේය. එහෙත් නිලක්‍ෂිකාගේ දැවී යාමත් සමගින් ලකුණු 28 ක් ඇතුළත අවසන් කඩුලු 5 ම අහිමි කරගත් ශ්‍රී ලංකා කාන්තාවෝ පන්ද 8 ක් ඉතිරිව තිබියදී ලකුණු 202 කට දැවී ගියහ.
හසිනි පෙරේරා ක්‍රීඩා කළේ සිය 59 වැනි එක්දින තරගයට වුවත් ඇය අද ලබාගත්තේ ඇයගේ මංගල එක්දින අර්ධ ශතකයයි. ඇය විස්සයි-20 අන්තර්ජාතික තරග 84 කටත් සහභාගි වූ පළපුරුදු පිතිකාරිණියකි. එහෙත් අද තරගයේදී එක්දින ලකුණු 1000 කඩඉම පසුකර යන විටත් ඇය සතුවන්නේ එකම එක්දින අර්ධ ශතකයකි.
හසිනි පෙරේරාගේ අර්ධ ශතකයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතිරිවූ එකම සැනසීම වූයේ ආරම්භක පිතිකාරිණි විශ්මි ගුණරත්න මුහුණ දුන් පළමු පන්දුවේදීම දැවී යාමෙන් පසුව ශ්‍රී ලංකා ඉනිම පිළිසකර කිරීමට ඇයගේ දායකත්වය ලැබීමයි. විශ්මිගේ දැවීයාමෙන් පසුව නායිකා චමරි අතපත්තුට එක්වූ හසිනි පෙරේරා දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 72 ක සම්බන්ධතාවක් පැවැත්වූවාය.
ශ්‍රී ලංකා මැදපෙළ පිතිකාරිණියන් පන්දුවට පහර දුන්නේ ඉවක් බවක් නැති විලසිනි. තරගයේ ග්‍රහණය තමන් වෙත ලැබෙන විට එය රඳවාගැනීමට ඔව්හු උගෙන නැත. 12 වැනි ඕවරය නිමාවේදී කඩුලු 1 කට ලකුණු 70 ක් ලෙසින් තිබූ ලකුණු පුවරුව තවත් ඕවර 5 ක් ඇතුළත කඩුලු 4 ට 100 ක් ලෙසින් වෙනස් විය.
කෙසේ වෙතත් සිය කඩුල්ල රැකගෙන සිටි හසිනි පෙරේරාට එක්වූ නිලක්‍ෂිකා සිල්වා, පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 74 ක සම්බන්ධතාවක් ගොඩනැංවූවාය. මේ අතරවාරයේදී බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ උඩපන්දු අතහැරීමේ ප්‍රදර්ශනයක නිරත වූහ. එහෙත් බැක්වර්ඩ් පොයින්ට් හි සිටි නිසිතා අක්තාර් විසින් නිලක්‍ෂිකාගේ උඩපන්දුව රැකගනු ලැබීමත් සමගින් වේගයෙන් තරගයට අවතීර්ණ වූ බංග්ලාදෙශ ක්‍රීිඩිකාවෝ ශ්‍රී ලංකා කාන්තාවන්ගේ ඉනිම ලකුණු 202 කට සීමා කළහ.
ඉලක්කම් දෙකකින් ලිවිය හැකි ලකුණු සංඛ්‍යාවක් ලබාගත්තේ පිතිකාරිණියන් තිදෙනකු පමණි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.