Last Update  :  2025-08-05 19:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පිටියට බසිති

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පිටියට බසිති

editorial - 2021 ජුලි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තයේ සිට පැමිණීමෙන් පසුව දින ගණනාවක් පුරා හෝටල් කාමර තුළට සිරවී සිටි ශ්‍රී ලංකා කණ්ඩායම සඳුදා (12 වැනිදා) නැවතත් පුහුණුවීම් ආරම්භ කළේය. එහෙත් හිටපු නායක කුසල් ජනිත් පෙරේරා සිය උරහිසේ ආබාධය හේතුවෙන් ඊයේ (අඟහරුවාදා) පුහුණුවීම් නොකළේය. වේදනා නාශක එන්නතක් ලබාගැනීමෙන් හෝ ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරගාවලියට සහභාගි වීමට ඇති අවස්ථාව සොයා බැලීම සඳහා කුසල් ඊයේ වෛද්‍යවරුන් සමග සිටියේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නව නායක දසුන් ශානක කණ්ඩායම සමගින් පුහුණුවීම් කරමින් සිටියේය.

එංගලන්ත සංචාරයෙන් පසුව ශ්‍රී ලංකාවට පැමිණි සීමිත ඕවර කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ දෙදෙනකු වූ ග්‍රාන්ට් ෆ්ලවර් සහ තනුජ නිරෝෂන් යන මහත්වරු කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනා ගන්නා ලදහ. එහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ටත් දින කිහිපයක්ම නිරෝධායනය වීමට සිදුවූ නමුත් ඉරිදා (11 වැනිදා) පැවැති පී.සී.ආර්. පරීක්ෂණවලින් පසුව ක්‍රීඩකයන් සියලු දෙනාම නිරෝගී බව තහවුරු විය. එබැවින් ඔවුනට පුහුණුවීමට අවසර ලැබිණ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ සෙසු සාමාජිකයන්ට කණ්ඩායම සමග පුහුණුවීමට අවසර නොලැබිණ. එබැවින් දඟ පන්දු යවන්නන්ගේ පුහුණුකරු පියල් විජේතුංග මහතා සහ ධම්මික සුදර්ශන යන මහත්වරු ඊයේ ජාතික කණ්ඩායම සමග සිටියහ.

ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා සහ අනෙකුත් පුහුණු කාර්ය මණ්ඩලය සඳහා අද (14 වැනිදා) තවත් පී,සී.ආර්. පරීක්ෂණයක් කිරීමෙන් පසුව, එම පරීක්ෂණ ප්‍රතිඵල සෘණාත්මක නම් පමණක්, ක්‍රීඩකයන් හා එකතු වීමට ඔවුන්ට අවසර හිමිවනු ඇත.

ඡායාරූප - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහයෙනි

- 213

 

 


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පිටියට බසිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.