Last Update  :  2025-05-10 20:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International වෙල්ලාලගේ ලෝක යොවුන් පිලට

වෙල්ලාලගේ ලෝක යොවුන් පිලට

දමින්ද විජේසූරිය - 2022 පෙබ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

අන්තර් ජාතික ක්‍රිකට් සභාව විසින් නම් කරන ලද 2022 යොවුන් ලෝක කුසලාන තරගාවලියේ වටිනාම ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේද ඇතුළත්ව සිටියි.

මෙම කණ්ඩායමට ඇතුළත්ව සිටින එකම ශ්‍රී ලංකා ක්‍රීඩකයා වෙල්ලාලගේ වන අතර යොවුන් ලෝක කුසලාන තරගාවලියේදී තුන් ඉරියව්වෙන්ම දැක්වූ දස්කම් හේතුවෙන් ඔහුට ලෝක කණ්ඩායමේ ස්ථානයක් හිමිව ඇත.

මෙවර යොවුන් ලෝක කුසලාන තරගාවලියේදී තරග 6 කට ක්‍රීඩා කළ වෙල්ලාලගේ කඩුලු 17 ක් දවාගනිමින් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්විය. ස්කොට්ලන්තයට (27/5) සහ ඕස්ට්‍රේලියාවට (28/5) එරෙහිව කඩුලු 5 බැගින් දවාගත් අවස්ථා දෙකක්ද ඊට ඇතුළත් විය.

දකුණු අප්‍රිකාවට එරෙහිව ලබාගත් ශතකයක් (113) සහ ඕස්ට්‍රේලියාවට එරෙහිව ලබාගත් අර්ධ ශතකයක් (52) සමග තරග 6 කදී ලකුණු 264 ක් රැස්කළ වෙල්ලාලගේ තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර 7 වැනි ස්ථානයටද පත්විය.

යොවුන් එක්දින තරග දෙකකදී කඩුලු 5 ක් දවාගනිමින් අර්ධ ශතකයක් ලබාගත් එකම ක්‍රීඩකයා ලෙස වාර්තාවක් පිහිටුවීමටද වෙල්ලාලගේ සමත්ව සිටියි. මෙවර යොවුන් ලෝක කුසලාන තරගාවලියේ ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැති තරගයේදී ඔහු දෙවැනි වරට එම දක්ෂතාව දැක්වීය. ඉන් පෙර ඔහු එවන් දක්ෂතාවක් දක්වා තිබුණේ ඉකුත් දෙසැම්බර් මාසයේ එංගලන්ත යොවුන් කණ්ඩායමට එරෙහිව කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති තරගයකදීය. එම තරගයේදී ලකුණු 68 ක් රැස්කරමින් ලකුණු 30 කට කඩුලු 5 ක් දවාගැනීමට වෙල්ලාලගේ සමත් විය.

ලෝක කණ්ඩායමේ නායකයා ලෙස ලෝක ශූර ඉන්දීය යොවුන් කණ්ඩායමේ නායක යාෂ් ධූල් නම් කර ඇත. ඊට ඉන්දීය ක්‍රීඩකයන් තිදෙනෙක්, එංගලන්ත ක්‍රීඩකයන් දෙදෙනෙක් සහ පාකිස්තාන ක්‍රීඩකයන් දෙදෙනෙක් ඇතුළත්ව සිටින අතර ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය සහ ඇෆ්ඝනිස්තානය නියෝජනය කරමින් එක් ක්‍රීඩකයාද බැගින් ඇතුළත්ව සිටිති.


ලෝක යොවුන් කණ්ඩායම
හසීබුල්ලා ඛාන් (පාකිස්තානය), ටීග් විලි (ඕස්ට්‍රේලියාව), ඩෙවොල්ඩ් බ්‍රේව්ස් (දකුණු අප්‍රිකාව), යෂ් ධූල් (ඉන්දියාව) - නායක, ටොම් ප්‍රෙස්ට් (එංගලන්තය), දුනිත් වෙල්ලාලගේ (ශ්‍රී ලංකාව), රාජ් බාවා (ඉන්දියාව), විකී ඔස්ට්වාල් (ඉන්දියාව), රිපොන් මොන්ඩල් (බංග්ලාදේශය), උවයිස් අලී (පාකිස්තානය), ජොෂ් බොයිඩන් (එංගලන්තය) සහ නූර් අහමඩ් (ඇෆ්ඝනිස්ථානය)

 


අදහස් (0)

වෙල්ලාලගේ ලෝක යොවුන් පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.