Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බටහිර ඉන්දීය කොදෙව්හිදි පැවැත්වෙන වයස 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘ඩී’ කාණ්ඩය යටතේ ජෝජ්ටවුන්හිදී ඊයේ (14 වැනිදා) පැවැති මූලික වටයේ තරගයකින් ස්කොට්ලන්ත යොවුන් කණ්ඩායමට එරෙහිව ලකුණු 40 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 219 ක ඉලක්කයක් හඹාගිය ස්කොට්ලන්ත යොවුන් කණ්ඩායමට නායක දුනිත් වෙල්ලාලගේ ප්‍රමුඛ ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 48.4 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 178 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ වෙල්ලාලගේ ඕවර 9 ක් යවමින් ලකුණු 27 කට කඩුලු 5 ක් බිඳ හෙළුවේය.
ස්කොට්ලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ජැක් ජාවිස් පන්දු 61 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 55 ක් රැස්කළේය. ලයිල් රොබින්සන් (14) සමග එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 49 කදී ලකුණු 48 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට ජාවිස් සමත් වුවද, ස්කොට්ලන්ත යොවුන් කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට තරම් එය ප්‍රමාණවත් නොවීය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 8 දී බිඳ වැටුණද, දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 47 කදී ලකුණු 52 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට චමිඳු වික්‍රමසිංහ (28) සහ සදිෂ රාජපක්ෂ (24) සමත් වූහ. පන්දු 31 කදී වාර්තා වූ චමිඳුගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහරක් ඇතුළත් වූ අතර පන්දු 26 කදී වාර්තා වූ සදිෂගේ ඉනිම හතරේ පහර 2 කින් සමන්විත විය.
චමිඳුගේ කඩුල්ල බිඳ දමමින් එම සම්බන්ධතාව නිමාවට පත්කළ ජැක් ජාවිස්, එම ඕවරයේදීම පවන් පතිරාජද ලකුණු ලබාගැනීමටත් පෙරාතුව පිටියෙන් ඉවත් කළේය. වරෙක ලකුණු 60 කට එක් කඩුල්ලක් ලෙස දැක්වුණ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ලකුණු පුවරුව ලකුණු 18 ක් ඇතුළත කඩුලු 4 ක් බිඳවැටීම නිසා ලකුණු 78 කට කඩුලු 5 ක් බවට පත්විය.
පන්දු 31 ක් පුරා සිය කඩුල්ල ආරක්ෂා කරගත් නායක දුනිත් වෙල්ලාගේද ලකුණු 10 කට දැවීයෑමත් සමග ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ලකුණු 99 කට කඩුලු 6 ක් ලෙස මහත් අසීරු තත්ත්වයකට ඇද වැටිණ. එහෙත් දක්ෂ පිතිහරඹයක නිරත වෙමින් පන්දු 85 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 85 ක් රැස්කළ සකුණ ලියනගේ එම තත්ත්වයෙන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මුදවා ගත්තේය.
උප නායක රවීන් ද සිල්වා (30) සමග එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 87 කදී ලකුණු 68 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා යොවුන් තරගයක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යෑමටද ලියනගේ සමත් විය. එහිදී පන්දු 50 කට මුහුණදෙමින් ඉතා ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කළ රවීන් හතරේ පහර 3 කින් සිය ඉනිම සැරසුවේය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.