Last Update  :  2025-05-10 20:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ලක්මාල් ඩාර්බිෂයර් පිලට
ප්‍රාන්ත ක්‍රිකට්

ලක්මාල් ඩාර්බිෂයර් පිලට

editorial - 2022 පෙබ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා වේගපන්දු යවන ක‍්‍රීඩක සුරංග ලක්මාල් ඩර්බිෂයර් කණ්ඩායම සමඟින් ඉදිරි වසර දෙකක කාළයක් ක‍්‍රීඩා කිරීම ස`දහා ගිවිසුමක් අත්සන් කර තිබේ.

මේ වනවිට 34 හැවිරිදි ලක්මාල් ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් වසර 12 කට ආසන්න කාළයක් ක‍්‍රීඩා කර ඇති අතර එහිදී ටෙස්ට් කඩුලූ 168 ක්, එක්දින කඩුලූ 109 ක් සහ විස්සයි20 කඩුලූ 8 ක් සමගින් ජාත්‍යන්තර කඩුලූ 285 ක් දවාගෙන ඇත. 

දකුණත් වේගපන්දු යවන්නා මේ මස අගදී ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරග දෙකෙන් පසුව ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ප‍්‍රකාශ කර තිබේ. වීසා සහ එංගලන්ත ක‍්‍රිකට් මණ්ඩලයේ අනුමැතියට යටත්ව, සියලූම ආකෘති සඳහා ඔහු ඉදිරි වසර දෙක සඳහා ඩර්බිෂයර් හි වේගපන්දු බලඇණියට නායකත්වය දෙනු ඇත.

පන්දු යැවීමේදී වේගවත්ව සහ නිවැරදිව, විශාල දෝලනයක් ඇති කිරීමේ හැකියාව ඇති, ලක්මාල් 2018 සිට 2021 දක්වා ශ‍්‍රී ලංකා රතු පන්දු බලකායේ නායකයා ලෙස තමන්ව තහවුරු කර ගෙන ඇත. එම කාලය තුළ කඩුලූ 72 ක් දවාගත් ලක්මාල් කඩුලූ දවාගැනීමේ සාමාන්‍ය 24.73 ක් ලෙස ර`දවාගෙන ඇත.

ඔහු ටෙස්ට් කඩුලූ 5 බැගින් අවස්ථා 4 කදී දවාගෙන ඇති අතර, ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙස බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පසුගිය වසරේ මාර්තු මාසයේදී ලකුණු 47 කට ලබාගත් කඩුලූ 5 වාර්තා විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ප‍්‍රධාන පුහුණුකරු මෙන්ම ඩර්බිෂයර් කණ්ඩායමේ ක‍්‍රිකට් ප‍්‍රධානී මිකී ආතර් මහතා, සුරංග ලක්මාල් ඩර්බිෂයර් පිලට එක්කර ගැනීමේදී මැදිහත්කරු ලෙස කටයුතු කර තිබේ. 

”සුරංග ශ‍්‍රී ලංකාවේ මෙතෙක් බිහිවූ වේගපන්දු පන්දු යවන්නන් අතර අග‍්‍රගන්‍ය වේගපන්දු යවන්නකු වන අතර ඊළඟ වාර දෙක සඳහා ඔහුව ඩර්බිෂයර් වෙත ගෙන ඒමට හැකිවීම විශිෂ්ටයි’’ යැයි ආතර් මහතා පැවසීය.

”ප‍්‍රාන්ත ක‍්‍රිකට් අත්දැකීම් ලබාගැනීම බොහෝ කලක සිට මට අවශ්‍ය වූ දෙයක්. මිකී සමඟ නැවත වැඩ කිරීමට ලැබුණු අවස්ථාව මට ප‍්‍රතික්ෂේප කළ නොහැකි දෙයක් වුණා’’ යැයි ලක්මාල් පැවසීය.

”මගේ ජාත්‍යන්තර ක‍්‍රිකට් දිවියේ සෑම තත්පරයකටම මම ආදරය කළා. මගේ සිහිනය සැබෑ කර ගැනීමට මට අවස්ථාව ලබා දීම ගැන ශ‍්‍රී ලංකාවට ස්තුති කිරීමට මම කැමතියි. මෙම නව අභියෝගය බාරගනිමින් ඩර්බිෂයර් හි දැනටමත් බලපෑමක් කරමින් සිටින තරුණ පන්දු යවන්නන්ට උපකාර කරන්නත් මට පුලූවන් වෙයි’’ යැයි ද ඔහු වැඩිදුරටත් පැවසීය.

 


අදහස් (0)

ලක්මාල් ඩාර්බිෂයර් පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.